ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් 40ක් පමණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් (SLPP) ස්වාධීනව නව දේශපාලන කණ්ඩායමක් වශෙයන් කටයුතු කිරීමට නියමිත බව වාර්තා වෙයි.
මෙම මන්ත්‍රීවරුන් අතරට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ වැනි කැබිනට් අමාත්‍යවරුන් කිහිප දෙනෙකුද ඇතුළත් බවද ඒම වාර්තා පවසයි.
මෙම කණ්ඩායම පොදුජන පෙරමුණෙන් ස්වාධීන වුවත් තවදුරටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දක්වනු ඇතැයිද සඳහන්.
රොෂාන් රණසිංහ අමාත්‍යවරයා මේ වන විටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් නායකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ.
සමගි ජනබලවේගයෙන් (SJB) ආණ්ඩුවට එක් වූ ඩයනා ගමගේ, අරවින්ද කුමාර වැනි මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු මෙම නව සන්ධානය සමඟ එක්වනු ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
කැළුම් බණ්ඩාර