ජනාධිපතිවරණය සඳහා පොහොට්ටුවෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකරන ලෙස ජනාධිපති උපදේශක සාගල රත්නායක හා අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහත්වරුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසී ඉල්ලීමක් කර ඇත.
ඉකුත් පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට පත්වූ මන්ත්‍රීවරුන් 112 දෙනෙකු ජනාධිපතිවරයා ප්රමුඛ රජයට සහාය පළකරන බවත්, ඉන් මන්ත්‍රීවරුන් 90 දෙනෙකු පොහොට්ටුවේ සාමාජිකයන් වන අතර ඔවුන් පාර්ලිමේන්තුවට සෘජුවම තේරී පත්වූයේ පොහොට්ටුව ලකුණින් මැතිවරණයට තරග කිරීමෙන් බවත් ඔවුන් පෙන්වා දී තිබේ.
ආණ්ඩුවට සහාය පළ කරන තවත් මන්ත්‍රීවරුන් 22 දෙනෙකු පොහොට්ටුව ලකුණින් වෙනත් දේශපාලන පක්ෂ නියෝජනය කරමින් තරග කරමින් හෝ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් වූ අය වන බවත්, මහජන එක්සත් පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරු 03 ක්,ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ එක් මන්ත්‍රීවරයෙක් ,එක්සත් මහජන පක්ෂයේ එක් මන්ත්‍රීවරයෙක්,ලංකා කම්කරු කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙක්,ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 09 (නිමල් සිරිපාල ද සිල්වා පාර්ශවය)ක්, නව සන්ධානයේ මන්ත්‍රීවරු 05ක්, මුස්ලිම් ජාතික පක්ෂයේ එක් මන්ත්‍රීවරයෙක් මෙලෙස ආණ්ඩුවට සහාය දක්වන බවත් ඔවුන් සඳහන් කර ඇත. ඔවුන් සියලුම දෙනා මේ වන විට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සිය සහාය පළ කර ඇති බව ද ඔවුන් ජනාධිපතිවරයාට පෙන්වා දී තිබේ.
ආණ්ඩුවට සහාය පළ කරන තවත් මන්ත්‍රීවරුන් 11 දෙනෙකු සිටින අතර ඔවුන් සියලු දෙනාද මේ වන විට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සිය සහාය පළ කරන බවත්, ඔවුන් පොහොට්ටුව සමග සන්ධානගත වුවන් වන බවත් සාගල රත්නායක හා සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරුන් පෙන්වා දී ඇත. ඊ.පී.ඩී.පී පක්ෂයට මන්ත්‍රීධුර 02ක්, තමිල් මක්කල් විඩුදලෛ පුලිකල් පක්යට මන්ත්‍රීධුර 01ක්, සමගි ජන බලවේගයට මන්ත්‍රීධුර 04ක්,කඳුරට ජනතා පෙරමුණට මන්ත්‍රීධුර 01ක්,අහිල ඉලංගෙයි මහජන කොංග්රසයයට මන්ත්‍රීධුර 01,ක් එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රීධුර 01ක්, ජාතික කොංග්‍රසයට මන්ත්‍රීධුර 01ක් වශයෙන් එම මන්ත්‍රීධුර 11 බෙදී ගොස් ඇති බව ද ඔවුන් පැහැදිලි කර ඇත.
මේ සියලුම දෙනාම ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්රමුඛ රජයට සහාය දක්වන බව දැනටමත් ප්‍රකාශ කර තිබෙන බව ද රත්නායක හා ප්‍රේමජයන්ත යන මහත්රුන් හිටපු ජනාධිපතිවරයාට පෙන්වා දී තිබේ.එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 90 දෙනා අතරින් මන්ත්‍රීවරුන් 75ට ආසන්න පිරිසකගේ සහාය ජනාධිපතිවරයාට ලැබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ වන විටත් තහවුරු කර, ප්‍රකාශ කර ඇති බව ද ඔවුන් මෙම සාකච්ඡාවේ දී හිටපු ජනාධිපතිවරයාට ප්‍රකාශ කර ඇත.