පොළොන්නරුවේ ප්‍රධාන පෙලේ සහල් මෝල් හා සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල්වල පවතින සහල් හා වී තොගයන්හි සංචිතයන් මෙන්ම සහල් නිෂ්පාදන ක්‍රියාවලිය පොළොන්නරුව දිස්ත්‍රීක් පාරිභෝගික නිලධාරීන් විසින් පරීක්ෂා කරති.
පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයාගේ හා අධ්යක්ෂ ජනරාල් වරයාගේ උපදෙස් පරිදි පොළොන්නරුව දිස්ත්‍රීක්කයේ ප්‍රධාන පෙලේ සහල් මෝල්වල පවතින සහල් හා වී තොගයන්හි සංචිතයන් හා සහල් නිෂ්පාදන ක්‍රියාවලිය පිලිබදව සොයා බැලීම සදහා පොළොන්නරුව දිස්ත්‍රීක් පාරිභෝගික සේවා අධිකාරී කාර්යාලයේ නිලධාරීන් විසින් එම වී මෝල් විශේෂ පරීක්ෂා කිරීම, වී මෝල්වල මේ වනවිට පවතින වී, සහල් තොග කොපමණද යන්න පිලිබදව දත්ත එක් රැස්කිරීම දෙවන දිනටත් 27 වෙනිදා සිදුකළහ.
26 වෙනිදා එලෙස පරීක්ෂා කිරීමට නොහැකිවූ ප්‍රධාන පෙලේ වී මෝල් හා සුළු හා මධ්‍යම පරිමාණ වී මෝල් පරීක්ෂා කිරිම 27
වෙනිදා සිදුකරනු ලැබුණි.
මෙහිදී පොළොන්නරුව දිස්ත්‍රීක්කයට අයත් මහා පරිමාණ වී තොග රැස් කරන හා සහල් නිෂ්පාදනය කරනු ලබන පොළොන්නරුව ඇතුමල්පිටිය ප්‍රදේශයේ පවත්වාගෙන යන ඩඩ්ලි සිරිසේන මහතාට අයත් අරලිය සහල් ආයතනයට 27 වෙනිදා පාරිභෝගික සේවා අධිකාරි නිලධාරීහු පැමිණියහ.
මෙහිදී අරලිය සහල් නිෂ්පාදන ආයතනයේ වර්තමානයේ පවතින වී, සහ සහල් තොග පරීක්ෂාවට ලක්කර එම සහල් හා වී තොගවල ප්‍රමාණයන් වල දත්ත රැස්කර ගැනීම සිදුකරනු ලැබූහ.
අරලිය සහල් ආයතනයේ කළමනාකරණ අධ්යක්ෂ ලාල් සිරිසේන හා එහි විධායක අධ්යක්ෂ සම්පත් රත්නායක යන මහත්වරුන් පවසා සිටියේ මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් වන තමන්ට සහල් නිෂ්පාදන පිරිවැය සදහා විශාල මුදලක් වැයවන බැවින් රජයේ පාලන මිළට සහල් අලෙවි කිරීම තුල පාඩු සිදුවන බවයි.
කෙසේ නමුදු තමන් රජයේ පාලන මිළට නාඩු ,සම්බා, හා කීරි සම්බා සහල් තම තොග පවතින තුරු අඛණ්ඩව ලබාදෙන බවද ඔවුන් වැඩිදුරටත් පවසා සිටියේය.
දිනකට නාඩු සහල් ලක්ෂ 01 ක් ද , කීරී සම්බා සහල් කිලෝ ලක්ෂ 02ක් හා සම්බා සහල් කිලෝ ලක්ෂ 01 දෛනිකව වෙලදපොලට නිකුත් කරන අතර ඉදිරි දින 75 ක් සදහා සහල් වෙලදපොල වෙත නිකුත් කිරීම සදහා වී තොග තම ආයතනය සතු බව අරලිය සහල් ව්‍යාපාරයේ විධායක අධ්යක්ෂ සම්පත් රත්නායක මහතා කීය.
මේ අතර පොළොන්නරුව දිස්ත්‍රීක්කයේ සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදනය කරනු ලබන පොළොන්නරුව සේවාගම ප්‍රදේශයේ පවත්වාගෙන යන හිරු සහල් මෝල, කදුරුවෙල නගරයේ පවත්වාගෙන යන වී හේන සහල් මෝල, මින්නේරිය සී.පී.පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන මේනක සහල් මෝල හා ලත් සහල් මෝල යන සහල් මෝල්වල මේ වනවිට පවතින සහල් හා වී සංචිතයන් හා සහල් නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳවද පොළොන්නරුව දිස්ත්‍රීක් පාරිභෝගික සේවා නිලධාරීන්ගේ විශේෂ නිරීක්ෂණයට ලක්වූහ.
එම මෝල් හිමියන් පාරිභෝගික නිලධාරීන් වෙත පවසා සිටියේ තමන්ට සහල් අලෙවියේදී පාඩු සිදු වුවද ඒවා පිලිබදව නොසලකා පාරිභෝගිකයින් වෙත සහල් රජයේ පාලන මිළට ලබාදීමට කටයුතු කරන බවයි.
කෙසේ නමුදු තමන් ළඟ මේ වනවිට පවතින වී තොග ප්‍රමාණවත් වන්නේ මේ වසරේ දෙසැම්බර් මස දක්වා පමණක් බවද වී මෝල් හිමියන් වැඩිදුරටත් පවසා සිටියහ.
දින දෙකක් පුරාවට පොළොන්නරුව දිස්ත්‍රීක් පාරිභෝගික සේවා නිලධාරීන් විසින් පොළොන්නරුව දිස්ත්‍රීක්කයේ පවත්වාගෙන යන මහා පරිමාණ සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් සතුව තිබෙන වී හා සහල් පිලිබද දත්ත හා තොරතුරු රැස්කරනු ලැබූ අතර එම තොරතුරු සියල්ල කොළඹ පාරිභෝගික සේවා අධිකාරී කාර්යාලය වෙත ලබාදීමට කටයුතු කරන බවට පොළොන්නරුව දිස්ත්‍රීක් පාරිභෝගික සේවා නිලධාරින් පවසා සිටියහ.
මනම්පිටිය නිමල් ජයරත්න/බකමුණ සරත් නිශ්ශංක