ශ්‍රී ලංකා පොලීසියේ මෙතෙක් ක්‍රියාත්මකව පැවැති පරිපාලන ව්‍යුහයේ ඇතැම් තනතුරු, පත්කිරීම් හා විමර්ශන ඒකක සංශෝධනය කරමින් පොලිස් ආඥා පනතේ ඇති නෛතික ප්‍රතිපාදන අනුව ශ්‍රී ලංකා පොලීසය මගින් නව පරපාලන ව්‍යුහය බලාත්මක කිරිම සිදු කෙරිණි.
පොලීසිය මගින් විමර්ශනය කරන සියලුම අපරාධ ඇතුළු අනෙකුත් සියලුම විමර්ශනය සඳහා ගැනෙන සිද්ධීන් වලට අදාළව විමර්ශන කටයුතු ඉතා කෙටි කාලයක් තුළ අවසන් කර අධිකරණය වෙත යොමු කර නඩු පැවැරීමේ කටයුතු ඉතා කඩිනමින් කාර්යක්ෂම සිදු කිරීම මෙම පරිපාලන ව්‍යුහය සංශෝධනය කිරීමේ ප්‍රධාන අරමුණ වෙයි.
ඒ අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හා නව ස්ථාපිත කරන ලද මූල්‍ය අපරාධ විමර්ශන දිසාව භාරව කටයුතු කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් යටතට පත්කර තිබේ.


