රාජකාරී කටයුත්තක් සඳහා ගිය ගාලදිවුල්වැව පොලිසියේ සැරයෙන් වරයෙකුට අතින් පයින් පහරදී තුවාල සිදු කල, වවුනියාව පොලිස් පොලිස් ගරාජයට අනුයුක්තව රාජකාරී කරන සැරයන්වරයෙකු සහ ඔහුගේ පුතා ඊයේ (16දා) අත්අඩංගුවට ගත් බව ගාලදිවුල්වැව පොලිසිය පවසයි.
ගාලදිවුල්වැව පොලිස් වසමේ නාවක්කුලම ප්රදේශයේ දෙපිරිසක් අතර ආරවුලක් හට ගෙන ඇති බවට පොලිස් හදිසි ඇමතුම් අංකයට (119) ලද තොරතුරකට අනුව එම ස්ථානයට ගිය ගාලදිවුල්වැව පොලිසියේ කණ්ඩායමක සැරයන් වරයකු හට එම ස්ථානයේ සිටි 45 හැවිරිදි පුද්ගලයකු සහ ඔහුගේ පුත්රයා ඇතුළු පිරිසක් පහර දී තිබූ බව පොලිසිය කියයි.
මේ සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන සිදු කිරීමේදී පහර දීමට සම්බන්ධ පුද්ගලයා පොලිස් සැරයන්වරයෙකු බව අනාවරණ වූ බවත් එම සැරයෙන් වරයා සමග පහර දීමට සම්බන්ධ වූ ඔහුගේ පුත්රයාද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙම සිද්ධියටම සම්බන්ධව ගාලදිවුල්වැව පොලිස් නිලධාරියකු සහ සිවිල් වැසියන් පිරිසක් පහර දුන් බව පවසමින් නාවක්කුලම පදිංචි 18 හැවිරිදි තරුණයෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්රතිකාර ලබන බව අප කල විමසීමකදී අනුරාධපුර ශික්ෂණ රෝහල් ප්රකාශකයකු පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකාර සැරයන්වරයා සහ ඔහුගේ පුත්රයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ බවද පොලිසිය සඳහන් කළේය.
බී.ජි. චතුරංග