පොලිස් භෝජනාගාරවලට ලැබෙන සහල් සහ සිල්ලර භාණ්ඩ අඩු මුදලට ලබාදිය හැකි බව පවසා කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් රැසක් මුලා කරමින් සංවිධානාත්මක කල්ලියක් මෙහෙය වූ උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස පෙනී සිටි පොලිස් සැරයන් වරයෙකු ඇතුළු තිදෙනකු අත් අඩංගුවට ගත් බව දෙමටගොඩ පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරයා කොටුව පොලිසියට අනුයුක්ත මුදල් අමාත්‍යාංශ මුරපොළේ රාජකාරී කරන නිලධාරියෙකු බවත් තවත් වසර දෙකකින් විශ්‍රාම යාමට නියමිත අයෙක් බව පොලිසිය සඳහන් කරයි.
රාජගිරියේ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට දුරකථන ඇමතුමක් ලබාදී තමන් දෙමට ගොඩ පොලිසියේ උප පොලිස් පරීක්ෂක හේරත් නිලධාරියා බව පවසමින් ව්‍යාජ හිතවත්කමක් ඇතිකරගෙන දෙමටගොඩ පොලිසියේ භෝජනාගාරයට ලැබෙන බිත්තර තොගයක් ඉතා අඩු මුදලට ලබා දිය හැකි බව පවසා එම ව්‍යාපාරිකයාව කැමති කරවාගෙන බිත්තර තොගය ලබා දීමට දෙමට ගොඩට ගෙන්වාගෙන තිබූ බව පොලිසිය සඳහන් කරයි.
ව්‍යාපාරිකයා බිත්තර තොගය රැගෙන යාම සඳහා ලොරියක් ද සූදානම් කරගෙන දෙමටගොඩට පැමිණීමෙන් අනතුරුව එම ස්ථානයට පැමිණි සෙසු සැකකරුවන් දෙදෙනා ලොරිය වෙත ගොඩ වී මඳ වේලාවක් කතා බස් කරමින් සිට ඔහු රැගෙන පැමිණි රුපියල් 80000/= ක මුදල ලබාගෙන බිත්තර රැගෙන එනතුරු ලොරිය දෙමටගොඩ ප්‍රදේශයේම ස්ථානයක් පවසා නතර කර තබාගන්නා දන්නවමින් එම මුදලුත් රැගෙන පලා ගොස් තිබූ බව පොලිසිය කියයි.
ඒ සම්බන්ධයෙන් ව්‍යාපාරිකයා දෙමටගොඩ පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව දෙමට ගොඩ පොලිසියේ ස්ථානාධිපති කපිල බණ්ඩාර මහතා සංවිධානාත්මක කල්ලිය අත්අඩංගුවට ගැනීම සඳහා ව්‍යාපාරිකයා ගෙන් දුරකථන අංකය ලබාගෙන දින කීපයකට පසු ව්‍යාපාරිකයෙකු ලෙස සූක්ෂම අයුරින් ඇමතුමක් ලබාදී රුපියල් 20000/= බිත්තර ඇනයුමක් ලබා දීමට කටයුතු කිරීමෙන් අනතුරුව බිත්තර ලබාදීමට දෙමටගොඩට පැමිණෙන ලෙස සැකකරුවන් විසින් දැනුම් දී තිබූ බව පොලිසිය සඳහන් කරයි
ඒ අනුව රැකවල්ලා සිටි පොලිසිය සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී මෙම ජාවාරම කොටුව පොලිසියට අනුයුක්ත පොලිස් සැරයන්වරයා විසින් මෙහෙයවන බවට අනාවරණය වීමෙන් අනතුරුව සැකකරුවන් ලවාම " සාජන් මහත්තය අපි බිත්තර ගේමක් ගැහුවා - (දෙමටගොඩ ප්‍රදේශයේ හෝටලයක නමක් පවසා) පොඩි පාටියකට සෙට් වෙලා ඉන්නේ එතනට එනවා දැයි" දුරකථනයෙන් ඇමතුමක් ලබාදීමට සැලසූ බව පොලිසිය කියයි.
ඇමතුම ලබාදී විනාඩි දහයක් ගතවීමට මත්තෙන් සැකකාර සැරයන්වරයා අදාල හෝටලය වෙත පැමිණීමත් සමගම ඔහුද අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව පොලිස් නිලධාරියකු පැවසීය.
සැකකාර සැරයන්වරයා මෙහෙය වු කල්ලිය විසින් දෙමටගොඩ පොලිසියට අමතරව සැකකරු සේවය කළ කොටුව , පොලිසියට මේ ආකාරයෙන් රුපියල් ලක්ෂ නවයක මුදල් වංචාවන් සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී ඇති අතර ඊට අමතර මරදාන මාලිගාවත්ත බොරැල්ල හා නාරහේන්පිට ආදී කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පොලිසි වලටද එම පොලිසිවල භෝජනාගාරයේ සේවය කරන උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස පෙනී සිටිමින් සහල් සහ සිල්ලර භාණ්ඩ අඩු මුදලට ලබාදිය හැකි බව පවසා ව්‍යාපාරිකයන් රැසකගෙන් මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය
අත්අඩංගුවට ගත් සැරයන්වරයා උඩුගම්පල කෙහෙල් බද්දර ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි පුද්ගලයෙකු බවත් සෙසු සැකකරුවන් දෙදෙනා මාළිගාවත්ත ප්‍රතිභා මාවත හා පෑලියගොඩ දුටුගැමුණු මාවත පදිංචි වයස අවුරුදු 44 හා 45 අතර පසුවන්නන්ය
සැකකරුවන් තිදෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය
දෙමටගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල බණ්ඩාර මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කලා විනෝදන් මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.