කොරෝනා වෛරසය ව්‍යාප්තිය වැළැක්විමේ අරමුණින් මහජනයාට පොලිස් මුලස්ථානය වෙත පැමිණිලි ලබා දිම සඳහා නව දුරකථන අංකයක් හදුන්වා දිමට පොලිස් මුලස්ථානය කටයුතු කර ඇත.
ඒ අනුව මෙම නව දුරකථන අංකය ලෙස 1933 අංකය මහජනතාවට ලබා දි තිබේ.
ඉහත දුරකථන අංකයට මහජන පැමිණිලි ඉදිරිපත් කළ හැකි අතර , 119 දුරකථන මධ්‍යස්ථානයටද මෙම පැමිණිලි ඉදිරිපත් කළ හැකියි.
මෙම කාලය තුළදි තුළ 119 දුරකථන මධ්‍යස්ථානයේ කොරෝනා වෛරසය වැලැක්විමේ අරමුණින් ලබා දෙනු ලබන පැමිණිලි සඳහා වැඩි අවධානයක් යොමු කරනු ලබන බවද පොලිස් මුලස්ථානය සඳහන් කරයි.
එලෙසම 119 දුරකථන මධ්‍යස්ථානයට යොමු කරනු ලබන ඇමතුම් කාර්ය බහුලවිම වැළැක්විමට එම අංකයට යොමු වන ඇමතුම් සම්බන්ධතා ගණන වැඩි කිරිමටද කටයුතු කර ඇත.