රාජකාරී කිරීමට නොහැකි බව පවසා උප්පුවේලි පොලිසියේ ස්ථානාධිපතිවරයා පොලිස් ස්ථානයෙන් පිටවී ගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙලෙස පිටවී ගොස් ඇත්තේ ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණ දිලීප මහතාය.
සිය රාජකාරි ජංගම දුරකථනය ඊයේ (25) සවස උපසේවා රාජකාරී නියුතු නිලධාරියා වෙත භාරදී ඔහු එලෙස පොලිස් ස්ථානයෙන් පිටවී ගොස් ඇති අතර ඒ සම්බන්ධයෙන් සටහන්ද යොදා ඇති බව දැනගන්නට ඇත.
ස්ථානාධිපතිවරයා තැබූ සටහන පැහැදිලි නොවන බවත් වැඩිදුර ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතාගෙන් විමසුවද පිළිතුරක් ලබා ගැනීමට නොහැකි විය.