සැකකරුවකු නිත්‍යානුකූල නොවන අයුරුන් අයුරින් අත්අඩංගුවට ගෙන අතුරුදන් කිරීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දෙදෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අලව්ව පොලිසියට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙකු සහ කොස්තාපල්වරයෙකි.
2010 ජූලි මස 25 වැනි දින අලව්ව පොලිසියේ අපරාද අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරී කණ්ඩායමක් සමග කටු පොත පොලිස් වසමේ වජිරවත්ත ප්‍රදේශයේදී ගනේ රාළලාගේ ශාන්ත සමරවිර යන සැකකරුව නිත්‍යනුකූල නොවන අයුරින් අත්අඩංගුවට ගෙන අයුතු සිරකර තැබීමෙන් පසුව සැකකරු අතුරුදන් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශනා අංශයේදී මෙම නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය කියයි.
සැකකරුවන් පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශය මගින් වැඩිදුර විමර්ශන පැවැත්වේ.