ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට අයත් පොලිස් කොස්තාපල් තනතුරු 29,091ක සහ කාන්තා පොලිස් කොස්තාපල් තනතුරු 4020 ක පුරප්පාඩු ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් අගෝස්තු මස 04 වැනි දින නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.
පොලීසියේ අනුමත පොලිස් කොස්තාපල් තනතුරු සංඛ්‍යාව 60000 කි. 2023 වර්ෂය අවසන් වන විට සිටි පොලිස් කොස්තාපල් වරු සංඛ්‍යාව 309,09 කි. ඒ අනුව පොලිස් කොස්තාපල් වරුන්ගේ පුරප්පාඩු 29,091 ක් ලෙස පැවතුණි. එසේ වුවද 2019 හා 2020 යන වර්ෂවල දී අනුමත සංඛ්‍යාව නොසලකා උසස් වීම් ලබා දීම නිසා පොලිස් සැරයන් තනතුරේ 10,900 ක අතිරික්ත පොලිස් නිලධාරීන් සංඛ්‍යාවක් සිටින බවද එම විගණන වාර්තාවේ සඳහන්වේ.
එම අතිරික්ත පොලිස් සැරයන් තනතුරු සංඛ්‍යාව පොලිස් කොස්තාපල් තනතුරු සංඛ්‍යාවෙන් අඩු කළද තවදුරටත් පුරප්පාඩුවී පවතින කොස්තාපල් තනතුරු සංඛ්‍යාව 18,190 ක් වන අතර අනුමත පොලිස් කොස්තාපල් තනතුරු සංඛ්‍යාවෙන් 30% ක පමණ පුරප්පාඩු සංඛ්‍යාවක් පැවතීම මහජන සේවා පවත්වාගෙන යෑමේ දී ගැටලු රැසක් නිර්මාණය කර ඇති බවද එම විගණනය මගින් අනාවරණය කර ඇත.
එමෙන්ම කාන්තා පොලිස් කොස්තාපල් තනතුරේ අනුමත සංඛ්‍යාව 10000 කි. එම තනතුරේ පවතින පුරප්පාඩු සංඛ්‍යාව 4020 කි. අනුමත සංඛ්‍යාව නොසලකා උසස් වීම් ලබා දීම හේතුවෙන් පොලිස් සැරයන් තනතුරේ පොලිස් නිලධාරීන් 645 දෙනෙක් අතිරික්තව සිටිති. ඒ අනුව කාන්තා පොලිස් කොස්තාපල් තනතුරේ අනුමත සංඛ්‍යාවෙන් 34% ක පමණ පුරප්පාඩු සංඛ්‍යාවක් පවතින බවද අගොස්තු 02 වැනි දින නිකුත් කරන ලද විගණන වාර්තාවෙන් අනාවරණය වේ.