වැඩබලන පොලිස්පතිවරයෙක් පත් කිරීමට පවතින නීතිය යටතේ ජනපතිට ප්‍රතිපාදන නොමැති බවත් තවමත් පොලිස්පති ධුරයේ කටයුතු කරන්නේ හිටපු පොලිස්පතිම බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදි විශේෂ ප්‍රකාශයක් කරමින් පැවැසිය.
"වැඩබලන පොලිස්පතිවරයෙකු පත් කිරීම සඳහා ජනාධිපතිවරයාට පවතින නීතිය තුළ ප්‍රතිපාදන නොමැත. එබැවින් ජනාධිපතිවරයා විසින් මගේ මිත්‍ර කිරිඇල්ල මන්ත්‍රීතුමා ඒ පැත්තෙන් ඉන්න කොට එකයි, මේ පැත්තෙ ඉන්න කොට එකයි. ප්‍රතිපාදන නොමැති බැවින් ජනාධිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා ලෙස වෙන් අයෙකු පත්කරනු ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණයට අපේක්ෂා කළ නොහැකිය. මේ තත්ත්වය තුළ කියවා බලන්න පොලිස් ආඥා පනත මුල සිට අගට.
කියවීමේ කාලය මම ගන්නෙ නෑ. මම සභාගත කරනවා පොලිස් ආඥා පනත. දන්නෙ නැත්නම් ගිහිල්ලා කියවන්න. ගිය වාරෙත් අපි මේ ප්‍රශ්නයට මුහුණ දුන්නා කලින් පොලිස්පතිවරයත් සම්බන්ධවත්.
ඒ නිසා පොලිස්පතිවරයෙක්ට එහෙම හදිස්සියේ කනෙන් අල්ලලා දොට්ට දාන්න බෑ. එහෙම හිතන් ඉන්න අය ඇති. නමුත් එහෙම දොට්ට දාන්න බෑ. ශ්‍රේෂ්ඨාධිකරණය අනුගමනය කළ යුත්තේ පවතින නීතියයි. ඒ නිසා පොලිස් ආඥා පනත මගින් එකී පොලිස් ආඥා පනතේ විධිවිධාන පරිපාලන කිරීම පොලිස්පතිවරයා වෙත පවරා ඇත. පොලිස්පතිවරයාට තම ධූරයේ රාජකාරී කිරීම තහනම් කිරීම සඳහා නීතිමය ප්‍රතිපාදන නොමැත. එබැවින් පොලිස්පතිවරයා විසින් සිය ධූරයෙහි සිදු කරනු ලබන රාජකාරී කටයුතු වැළැක්වීමට ජනාධිපතිවරයාට මෙලෙස වැඩ බලන පත්වීමක් ද කළ නොහැක.
තවමත් පොලිස්පති ධූරය දරන්නේ හිටපු පොලිස්පති. ධූරය හිස් වෙලා නෑ. නොයෙක් නොයෙක් දේවල් අර්ථ නිරූපණය කරනවා. ඒ වගේම පොලිස්පතිවරයා පත්කරනු ලැබූ ව්‍යවස්ථාදායක සභාව එම තීරණය කළ ආකාරය ගැන නොයෙක් වාදයන් කරුණු ඉදිරිපත් කරනවා"