පොලිස්පති ධුරය සම්බන්ධයෙන් ඇතිවී තිබෙන තත්ත්වය පිළිබඳව කථානායකවරයා දිවයිනට පැමිණි පසුව විශේෂ හමුවක් පැවැත්වීමට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා තීරණය කර තිබේ.කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මේ වන ඉරාන නව ජනාධිපතිවරයාගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගි වීම සඳහා ඉරානය බලා පිටත්ව ගොස් ඇත.
පොලිස් පති ධුරය සම්බන්ධයෙන් ඇතිවී තිබෙන අර්බුදය පිළිබඳව කථානායකවරයාත්, අග්ර විනිශ්චකාරවරයාත් විසඳුමකට පැමිණිය යුතු බව මීට පෙර ප්රකාශ කර තිබුණි.කෙසේ වුවද මේ පිළිබදව ඉදිරියේදී ගන්නා පියවර සම්බන්ධයෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා දිවයිනට පැමිණි පසු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් විශේෂ හමුවක් කැඳවා ක්රියාමාර්ග ගැනීමට අපේක්ෂිතය.