බල්ලන්, පූසන් ආදී අතහැර දමාගිය සතුන් රැකබලාගනිමින් දුම්මල සූරිය වත්තක පිහිටි නිවසක සිටි තරුණයකු අභිරහස් ලෙස මරාදමා ඇතිබව දුම්මලසූරිය පොලීසියට වාර්ථාවිය. ඝාතනයවූ අයගේ මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණයට යොමුකිරීමට පෙර එම අයගේ මව කැඳවා ප්රකාශ ලබා ගැනීමේදී ඇය විසින් පවසා ඇත්තේ මියගොස් ඇත්තේ තමන්ගේ බාල දුව බවයි.
මේ පිලිබඳ විමතියට පත් පොලීසිය ඝාතනයට ලක්වූ අයගේ දේහය පෂ්චාත් මරණ පරීක්ෂණය සඳහා කුලියාපිටිය ශික්ෂණ රෝහලට යොමුකොට ඇත. ඒහිදී සිදුකල මරණ පරීක්ශණයේදී හෙලිවී ඇත්තේ ඝාතනය වී ඇත්තේ පිරිමි පුද්ගලයෙක් නොව බාහිරින් පිරිමි වෙස් ගත් කාන්තාවක බවයි.
මෙම කාන්තාව, ගෙලෙහි කැපුම් තුවාල සහිතව ලේ වහනය වීමෙන් සිදුවූ මරණයක් බව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තහවුරු කොට ඇත.
දුම්මලසූරිය සියඹලාගස්රුප්ප පුදේශයේ අක්කර 8ක පමණ වත්තක පිහිටි කුලී පදනම මත ලබාගත් නිවසක මෙම සතුන් රැක බලාගන්නා ස්ථානය පවත්වාගෙන ගොස් ඇත.
එම ස්ථානයේ සුනඛයින් 50කට වැඩි ප්රමාණයක් ඒවනවිටත් සිට ඇතිබව දුමමලසූරිය පෙලීසිය වැඩිදුරටත් පැවසීය.
ඉන්ද්රමූර්ති ජයසූරිය