නොසිතු ලෙස පොල් මිළ ඉහල යාමත් සමග දිවයිනේ ප්‍රදේශ රැසක දේවාල හා කෝවිල් වල දෙවියන් උදෙසා පොල් ගැසිම සිග්‍ර ලෙස අඩුවි යාමක් දැක ගත හැකි බව එම ස්ථාන වල භාරකරුවන් පවසයි.
විශේෂ දිනවල දී පොල් ගැසිම ඉහල මට්ටමක බවත් සාමාන්‍ය දින වලදි ද එය හොද මට්ටමක පවතින් බව එම ස්ථාන වල භාරකරුවන් හා කපු මහත්වරුන් පවසති.
පොල් මිල ඉහල යාමත් සමග පූජා වට්ටියක මිළද මේ වන විට ඉහල යාම සිදුව ඇති අතර වෙනත් දිනවලදි රුපියල් 500 අඩු වු සාමාන්‍ය පූජා වට්ටියක් මේ වන විට රුපියල් 1000 ඉක්මවා ඇති අතර විශාල පොල් ගෙඩියක් සහිත හොද තත්වයෙ පූජා වට්ටියක මිල අධික මුදලක් වී ඇති බව කියයි.
මේ හේතුවෙන් භාර හාර සදහා පැමිණේන බැතිමතුන් පළතුරු පමනක් ඇති පූජා වට්ටි මිළදි ගැනිම දැක ගත හැකි බවත් පොල් ගෙඩි සහිත පූජා වට්ටි මිළදි ගැනිම අඩුවි ඇති බවද කියයි.
මෙම තත්වය මුන්නේෂ්වරම් දේවාලයෙද බරපතල අඩුවක් පවතින බව බැතිමතුන්ට ආවතේව කටයුතු වල නිරත කපු මහත්වරුන් පවසති.
ඡායාරූපයෙ ඇත්තේ වෙනදා බැතිමතුන්ගේ පොල් ගැනිමෙන් පිරි යන සිනිගම චෛතිහාසික දේවාලයෙ ද පොල් ගැසිම තරමකින් අඩුව ඇති අයුරු..