මහනුවර හා අවට ප්රදේශවලට ඇද හැල අධික වර්ෂාව නිසා පොල්ගොල්ල මහවැලි ජලාශයේ වාන් දොරටු පහක් අද විවෘත කළ (30) බව වේල්ල භාර ඉංජිනේරු කාර්යාලය සඳහන් කළේය.
ඒ අනුව පොල්ගොල්ල වේල්ලේ වාන් දොරටු පහක් මීටර එක (1') බැගින් ඉහළට ඔසවා තිබු අතර මේ හේතුවෙන් ජලාශය පහළට මහවැලි ගඟට තත්පරයට ඝණ අඩි 13900 ක පමණ ජල ප්රමාණයක් නිකුත්කළ බව එම කාර්යාලය වැඩිදුරටත් පැවැසීය.
මේ හේතුවෙන් පවතින වර්ෂාව අනුව දොරටු විවෘත කරන බැවින් පොල්ගොල්ල වේල්ලට පහළින් වික්ටෝරියා ජලාශය දක්වා මහවැලි ගඟ භාවිතා කරන ජනතාව අවධානයෙන් සිටීය යුතු බව එම කාර්යාලය වැඩිදුරටත් පැවැසීය
දුම්බර ප්රදිප්