නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයන්ට නීත්‍යනුකූලව සේවයෙන් ඉවත් වීම සඳහා ප්‍රකාශයට පත් කර තිබෙන පොදු සමාකාලය මෙ මස 20වන දිනෙන් අවසන් වන බව යුද හමුදා මූලස්ථානය සඳහන් කරයි.
පසුගිය 20වන දින සිටමේ මස 11වන දින දක්වා කාලය තුළදී 12,066ක් සේවයෙන් ඉවත් කර තිබෙන බවද පෙන්වා දෙයි.
පසුගිය මස 20වන දින සිට මේ මස 20වන දින දක්වා පොදු සමාකාලයක් ප්‍රකාශයට පත් කර තිබෙන අතර,පසුගිය වසරේ දෙසැම්බර් 31වන දින සහ ඊට පෙර සිට නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා නිලධාරීන්ට හා සෙසු නිලයන්ට අයත් පිරිස් සඳහා නීත්‍යනුකූලව සේවයෙන් ඉවත් වීමට මෙම පොදු සමා කාලයේදී අවස්ථාව හිමිව තිබේ.
මෙරට සිටින පිරිස් රෙජිමේන්තු වෙත වාර්තා කිරීමෙන් හා විදේශගතව සිටින පිරිස් රෙජිමේන්තු හා සම්බන්ධ වී නීත්‍යනුකූලව ඉවත් වීම සඳහා අවස්ථාව ලබා දී ඇති බවද යුදහමුදා මූලස්ථානය සඳහන් කරයි.
මේ අනුව පසුගිය 20වන දින සිට 11වන දින දක්වා කාලය තුළදී ඉවත් කළ ප්‍රමාණය සැලකීමේදී රෙජිමේන්තු වෙත වාර්තා කිරීමෙන් පසු හමුදා සාමාජිකයන් 11,985ක් ඉවත් කර තිබෙන අතර, විදේශගතව සිටින යුදහමුදා සාමාජිකයන් 81දෙනෙකුත් මෙම කාලය තුළ සේවයෙන් ඉවත් කර තිබේ.