එළඹෙන මහ මැතිවරණයේ දී එක් එක් අපේක්ෂකයන් තරග කරන දිස්ත්‍රික්ක හා ඊට අදාළ අවසන් එකඟතා මේ දක්වා තීරණය කර නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රකාශ කළේය.
ඒ අනුව ඉදිරි මහ මැතිවරණය සඳහා එම පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කරන බවට පළ කෙරෙන වාර්තා අසත්‍ය වන බව ඒ මහතා පැවසීය.
ඔහු සඳහන් කර සිටියේ පසුගිය මහ මැතිවරණයේ දී තමන් වැඩිම මනාපයෙන් පාර්ලිමේන්තුවට තෝරාපත් කළ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාව සමඟ ඉදිරියටත් අඛණ්ඩව දේශපාලනයේ නිරතවන බවයි.
එවැනි පසුබිමක තමන් කුරුණෑගලින් ඉදිරිපත් වනු ඇතැයි ප්‍රචාරය කිරීම හුදෙක් දේශපාලන වාසිය තකා කළ ජනතාව නොමග යැවීමක් බව රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.