පොතුවිල් මූලික රෝහල මධ්‍යම රජයට පවරා ගනිමින් රෝගී ප්‍රතිකාර සේවා පුළුල් කිරීමට තීරණය කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ප්‍රකාශ කළේය.
ඔහු සඳහන් කර සිටියේ පළාත් සභාවේ අනුමැතිය හා සහයෝගය යටතේ අදාළ කටයුතු සිදු කරන බවයි.
ඒ අනුව ඉදිකිරීම් කටයුතු අවසන් අදියරේ පවතින නව ගොඩනැගිලි දෙකක් ඉදිරි මාස02 ඇතුළත ජනතා අයිතියට පත් කරන බවත් බාහිර රෝගී අංශය,හදිසි ප්‍රතිකාර ඒකකය,ශල්‍යාගාර සහ අනෙකුත් පහසුකම් සහිත ගොඩනැගිල්ලක් මෙන්ම පරිපාලන හා බාහිර රෝගී සායන සඳහා ගොඩනැගිල්ලක් ඒ යටතේ වන බවත් ලේකම්වරයා පැවසීය.