බුස්ස අධිආරක්ෂිත බන්ධනගාරයේ සිදුකල හදිසි පරික්ෂාවේදි දරුණු ඝනයේ පාතාල නායකයකු වන පොඩි ලැසි නමැත්තා භාවිතා කරමින් සිටියේ යයි කියන නවීන පන්නයේ ජංගම දුරකතනයක් සහ ඊට අදාළ උපකරණ තොගයක් ඔහු සිටින සිර මැදිරිය වැටලීමේදී ක්ෂණිකව සිරමැදිරියේ පිටුපස ඇති කවුලුවෙන් විසිකල අවස්ථාවේදී ඊයේ (8) පස්වරුවේදී අත් අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.
පොලිස් විශේෂ කාර්ය බලකාය බුස්ස බන්ධනාගාර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව පොඩි ලැසී නේවසිකව සිටින දැඩි ආරක්ෂිත විශේෂ ඒ කොටසේ අංක 42 සිර මැදිරිය පරීක්ෂාවට ගිය අවස්ථාවේදී පොඩි ලැසී තමන් භාවිත කරමින් සිටි මේ ජංගම දුරකතනය හා උපාංග විසි කර ඇති බවද පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.