කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ පොඩිමැනිකේ දුම්රියේ ගමන් ගත් මුරුසි ජතික විදේශික සංචාරක කාන්තාවක ඊයේ (21) පස්වරුවේ පට්ටිපොළ - ඔහිය දුම්රිය ස්ථාන අතර දි දුම්රියේ න් ඇද වැටී බරපතළ තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව හපුතලේ පොලිසිය පවසයි.
මෙසේ තුවාල ලබා ඇත්තේ මේරි කොරෝලි (35) නැමති විදේශීය සංචාරක කාන්තාවක යැයි පොලිසිය කීය .
මැය සිය මිතුරියක සමඟ පොඩිමැනිකේ දුම්රියේ න් ඇල්ල බලා පැමිනෙමින් සිටියදී දුම්රියේ පාපුවරුවෙන් එළියට ලිස්සා ඇද වැටී ඇති බවත් පොලිසිය සදහන් කළේය .
බරපතළ තුවාල ලැබු එම විදේශීය සංචාරක කාන්තාව දියතලාව මූලික රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්රතිකාර සදහා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බවද පොලිසිය පවසයි .
හපුතලේ පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරික්ෂක සේපාල රත්නායක මහතා ඇතුලු නිලධාරීන් වැඩිදුර පරික්ෂණ පවත්වති .
ඇල්ල ප්රසාද් රුක්මාල්