පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ නිලධාරීන් 59කට කිසිදු අනුමතියකින් තොරව හා කිසිදු පර්යේෂණ වාර්තාවක් නොමැතිව පසුගිය කාලයේ පර්යේෂණ දීමනා ලෙස රුපියල් මිලියන 84ක් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.
2014 නොවැම්බර් පළමුවැනිදා සිට 2022 අගෝස්තු 31 දක්වා කාලය තුළ මෙම ගෙවීම් සිදුකර තිබේ.
2/2014 කළමනාකරණ සේවා චක්‍රලේඛයට අනුව පර්යේෂණ කළමනාකරණ කමිටු අනුමතියකින් තොරව හා කිසිදු අන්තර් පර්යේෂණ වාර්තාවක් හෝ වෙනත් පර්යේෂණ වාර්තාවක් ලබා නොගෙන මෙම දීමනා ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය සඳහන් කරයි.
ජාතික විගණන කාර්යාලය මගින් 2022 වසර වෙනුවෙන් සකස් කරන ලද විගණකාධිපති වාර්ෂික වාර්තාව මගින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයට අදාළ විගණන නිරීක්ෂණ යටතේ මේ අනාවරණය සිදුකර තිබේ.
ජේ. ඉඳුරුවගේ