(UPDATE) ඖෂධ හා උපකරණ හිඟවීම හේතුවෙන් තාවකාලිකව නවතා දමා ඇති පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සැත්කම් නැවත ආරම්භ කිරීම වෙනුවෙන් ඉන්දියාව මැදිහත්ව තිබේ.
මෙම ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මේ වන විට සංචාරයක නිරත ඉන්දීය විදේශ අමාත්‍ය, ආචාර්ය එස්. ජයශංකර් මහතාගේ අවධානය යොමුව තිබේ.
පේරාදෙණිය රේහලේ ඖෂධ හා අනෙකුත් ද්‍රව්‍ය හිඟවීමේ ප්‍රවෘත්තිය දැකීමෙන් තමන් කලබල වූ බවත් ගැටලුව විසඳිම වෙනුවෙන් ඉන්දියාවට උදව් කළ හැකි ආකාරය සම්බන්ධට සාකච්ඡා කරන ලෙස තමන් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතාගෙන් ඉල්ලා සිටි බවත් ඔහු සිය ට්විටර් ගිණුමෙන් පැවැසීය.
ඉන් අනතුරුව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පේරාදේණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ළමාවංශ මහතා මෙන්ම එහි වෛද්‍ය පීඨයේ පීඨාධිපති සමග සාකච්ඡා කර සාමාන්‍ය හා නියමිත ශල්‍යකර්ම කරගෙන යාමට අවශ්‍ය ඖෂධ හා අනෙකුත් අවශ්‍යතා පිළිබඳව විමසා තිබේ.
කෙසේ වෙතත් රෝහලේ සැත්කම් සඳහා අවශ්‍ය සැපයුම් ලබාදීමට වෛද්‍ය සැපයුම් අංශය එකඟ වීමත් සමග ශල්‍ය කර්ම නැවත ආරම්භ කර ඇති බව රෝහල් අධ්යක්ෂවරයා සඳහන් කර තිබේ.
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_1efcc91692.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_20a001e020.jpg)
ඖෂධ හිගයෙන් පේරාදෙණිය රෝහලේ සියලුම සැත්කම් නවතී
ඖෂධ ඇතුළු වෛද්‍ය උපකරණ නොමැතිවීම හේතුවෙන් පේරාදෙණිය රෝහලේ සියලුම සැත්කම් ඊයේ (28දා) සිට නවතා දැමීමට රෝහල් කළමණාකරණය කමිටුව තීරණය කර තිබේ.
මේ සම්බන්ධයෙන් පේරාදෙණිය රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා විසින් රෝහලේ සියලුම වෛද්‍යවරුන් හා හෙද කාර්ය මණ්ඩලයට ලිඛිතව දන්වා තිබේ.
එසේම දැනට සැත්කම් සඳහා ඇතුළත්වී සිටින රෝගීන්ගේ සැත්කම්ද නවතා දැමීමට තීරණය කර තිබේ.
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_61854f5450.jpg)