කන්ද උඩරට ඇසළ පෙරහර ගමන් කරන මාර්ගවල පදික වේදිකාවේ කිසිදු අයුරකින් ආසන පැනවීමක් නොකරන බවට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබියදී මහනුවර නගරයේ එක්තරා දේවාලයක් ඉදිරිපිට මීටර 50ක පමණ දුරක් බලහත්කාරයෙන් අල්ලාගෙන ආසන පනවා ඇති අයුරු දැකගත හැකිය .
පෙරහර නැරඹීමට පැමිණෙන බැතිමතුන් 1000කට අධික ප්‍රමාණයකට පෙරහර නැරඹිය හැකි මෙම කොටස මේ ආකාරයෙන් බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින බලවතාට පෙරහර නැරඹීමට පැමිණි දුරබැහැර සාමාන්‍ය බැතිමතුන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතී.
ෂේන් සෙනෙවිරත්න