උඩප්පුව සහ මදුරන්කුලිය යන පොලිස් වසම් දෙකක පදිංචි තරුණ පෙම් යුවලක් පෙම් හබයක් හේතුවෙන් ඉකුත් 30 සහ 31 දිනවලදී ගෙල වැලලාගෙන මරණයට පත්ව ඇතිබව උඩප්පුව සහ මදුරන්කුලිය පොලීසි පවසයි.
මෙසේ දිවි නසාගන ඇත්තේ උඩප්පුව සින්නපාඩුව කොන්තන්තිව් හි පදිංචි මිහිදුකුලසූරිය ලසිදු කවීෂ ලිවේරා නැමති 19 හැවිරිදි තරුණයෙකු සහ මදුරන්කුලිය පැට්ට්‍රික් මාවත මුක්කුතොඩුවාව පදිංචි වරණකුලසූරිය නිම්සානි ප්‍ර මෝදිකා නැමති 19 හැවිරිදි තරුණියකි.
මෙම දෙපළ පාසල් කාලයේ පටන් පෙම් සම්බන්ධතාවයක් පවත්වාගන ගොස් ඇති අතර මේ දෙදෙනා නිතර හමු වී ඇතිබවද ඔවුන්ගේ මිතුරන්ගෙන් ලද තොරතුරු වලින් පොලීසිය අනාවරණයකරගෙන ඇත මෙම සම්බන්ධතාවය පිළිබඳව දෙමව්පියන් දැනුවත්ව සිට නැතිබව දෙමව්පියන්ගේ ලද තොරතුරු වලින් අනාවරණය කරගෙන ඇති අතර ඉකුත් 30දා පස්වරුවේදී මරණයට පත් පිරිමි පුද්ගලයා ලනුවකින් සිය නිවස තුළ වහලේ පරාලයකට ලණුවක් දමා එල්ලී සිටි දැකපු නිවැසියන් මේ පිළිබඳව පොලීසිය දැනුවත් කිරීමෙන්පසු පොලීසියමගින් මෙම මරණය පිළිබඳව පරීක්ෂණ සිදුකරමින් පවතින අවස්ථාවේ 31දා සවස මරණයට පත් පුද්ගලයාගේ පෙම්වතිය තම නිවසට යාබදව ඇති මුලුතැන්ගෙය ලෙස භාවිතාකළ පැරණි මඩුවක ළනුවක එල්ලී මරණයටපත්ව ඇත.
මෙම තරුණිය මෙම මඩුවතුළ එල්ලී සිටිනු දැකපු පියා වහාම පිහියගෙන ලණුව කපාදැමීමෙන් අනතුරුව මුන්දලම රෝහලට රැගෙන ගියත් ඒවනවිටත් මරණයට පත්ව ඇතිබව රෝහල් ආරංචිමාරග පවසයි.
මෙම සියදිවි නසාගැනීම රහසිත බවත් පෙම් හබයක් බවට සැකකරන බවත් පවසන පොලීසිය මේ සම්බන්ධයෙන් යම් තොරතුරක් දන්නා අයෙක් සිටීනම් පොලීයට දන්වන ලෙසටත් පොලීසිය ඉල්ලා සිටියි.
මෘතශරීර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පුත්තලම රෝහලේදී පැවත්වීමට නියමිතව තිබූබව එම පොලීසි දෙක පවසයි
මදුරන්කුලිය පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගාමිණී වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් උපපොලිස් පරීක්ෂක රංජන් පොලිස් කොස්තාපල් 41206 රංජන් ඇතුලු නිළධාරීන් සහ උඩප්පුව පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී එම් සී කේ දහනායකමහතාගේ ප්‍රධානත්වයෙන් යුතු පොලිස් කණ්ඩායමක් විසින් සිද්ධීන් සමබන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
ආරච්චිකට්ටුව ලලිත් නවරත්න