පාසැල් නිමවි නිවෙස් බලා යමින් සිටි පාසලක සිසුවෙකුට පිරිසක් විසින් පිහියකින් ඇනිම නිසා සිදුවු තුවාල හේතුවෙන් පේරාදෙණිය ශික්ෂන රෝහලට ඇතුලත් කල බව කඩුගන්නාව පොලිසිය පවසයි.
පිලිමතලාව ප්‍රෙද්ශයේම පදිංචි මෙම සිසුවා 11 ශේණියේ ඉගෙනුම ලබන බවත් අද (28) පස්වරුවේ පැසැල ඇරි නිවෙස බලා යමින් සිටියදි පිළිමතලාව දුම්රිය ස්ථානය අසලදි මෙම සැකකරුවන් විසින් පිහියකින් ඇන ඇති බවද පොලිසිය පවසයි.
තුවාල ලැබු සිසුවා එම ස්ථානයේ සිටි පිරිස් විසින් පේරාදෙණිය රෝහලට ඇතුලත් කිරිමට පියවර ගෙන තිබු අතර එහිදි සිසුවාට සැත්කමක් සිිිිිදුකරක ඇති බවද රෝහල් ආරංචි මාර්ග පැවසිය.
අත්අඩංගුවට ග් සැකකරුවන් එම පාසලේම පාසැල් අධ්‍යාපනය නිම කල සිසුන් තිදෙනෙකු බවත් පිහියෙන් ඇනිම සිදුකල අය අතර සහෝදරයන් දෙදෙනෙකුද සිටින බව පොලිසිය පවසයි.
පෙම් හබයක් නිසා හටගත් බහින්බස්විමක් නිසා මෙම පිහි ඇනිම සිදු කර ඇති බව පොලිස් පරික්ෂණවලදී තහවුරු වි ඇති බවත් පිහියෙන් ඇනිම සිදුකල සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට ගම්වාසින්ද උද් කල බව කඩුගන්නාව පොලිසිය පවසයි.