රුපියල නම්‍යශීලී කිරිමට ගත් තීරණයත් සමග මේ වසරේ පෙබරවාරි මාසයට සාපේක්ෂව මාර් තු මාසයේ විදෙස් ප්‍රේෂණ ලැබීම් ඉහළ ගොස් තිබේ.
ඒ අනුව පෙබරවාරි මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 205ක් වූ ප්‍රේෂණ ලැබීම මාර් තු මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 318ක් දක්වා ඉහළ ගොස් තිබේ.
කෙසේ වෙතත් 2021 වසර හා සැසදීමේදී එම අගය තවමත් අඩු මට්ටමක පවතී.
2021 මාර් තු මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 612ක පැවැති පැවැති ප්‍රේෂණ 2022 මාර් තු මාසයේ ඩොලර් මිලියන 318ක් දක්වා අඩු වී තිබේ.
2021 ජන - මාර් තු කාලයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 1867ක් වූ ප්‍රේෂණ ලැබිම 2022 එම කාලසිමාව හා සැසදීමේදී ඩොලර් මිලියන 782ක් දක්වා අඩුවි තිබේ.
කෙසේ වෙතත් මෙම කාල පරාසය තුළ සංචාරක ක්ෂේත්‍ර යේ කැපී පෙනන වර් ධනයක් පෙන්වා තිබේ.
2021 ජන - මාර් තු සංචාරක පැමිණීම 9629ක් වූ අතර එයිප් උපයා ඇති ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 25කි. කෙසේ වෙතත් 2022 එම කාලසීමාවේදී සංචාරකයන් 285334ක් පැමිණ ඇති අතර එයින් උපයා ඇති අදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 513කි.