ශ්‍රී ලංකාවට අවශ්‍ය පෙට්‍රල් හා ඩීසල් ගෙන්වීම සඳහා තවත් සමාගම් දෙකකට අවසර දුන් බවත් මහජන බැංකුව හරහා ණයවර ලිපි විවෘත කරමින් ඔවුන් ලංකාවට අවශ්‍ය පෙට්‍රල් හා ඩීසල් ගෙන්වීමට නියමිත බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මසහතා පවසයි.අද කොළඹදි පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
"තවත් සමාගම් දෙකකට මෙරටට අවශ්‍ය පෙට්‍රල් හා ඩිසල් ගෙන ඒමට අවසර දුන්නා. මේ අනුව පෙට්‍රල් හා ඩීසල් ලබාගැනීම වෙනුවෙන් ඔවුන්ට ඉදිරිපත් කරන ලිපිය අපි යවලා තියෙනවා. ඒ අනුව ඔවුන්ට ණයවර ලිපි විවෘත කිරීම මහජන බැංකුව හරහා සිදුකරනවා.
ඒ අනුව අවශ්‍ය ඩොලර් හා රුපියල් ප්‍රමාණය ලබාදෙන්න අපි එකඟතාව දුන්නා. ඒ ණයවර ලිපි විවෘත කිරිමෙන් පසු මීළඟ පෙට්‍රල් හා ඩීසල් නැව් එන දිනය කියන්න පුළුවන්.
නෞකා තුනක් පැමිණීමට කාල රාමුවක් තියෙනවා. ඒක දැන්ම ප්‍රකාශ කරන්නේ නෑ. 9 දා හා 10 දා නැව් දෙකක් එන්න තිබුණා. ඒ නැව් දෙකට ලංකා බැංකුව හරහා මුදල් ගෙවීම් කිරිමට නොහැකි වුණා. මේ නිසා පෙට්‍රල් හා ඩීසල් නෞකා ලබාගැනීමට නොහැකිවුණා.
මහා භාණ්ඩාගාරයෙන් අපිට රුපියල් බිලියන 20ක් ලැබුණා. මහ බැංකුව ඇතුළේ ඩොලර් මිලියන 95ක් තියෙනවා ඉන්ධන වෙනුවෙන්.
ණයවර ලිපි විවෘතවීම ප්‍රතික්ෂේප වුණ නිසා තමයි අපිට මේ නෞකා දෙකට මුදල් ගෙවීමට නොහැකි වුණේ. අපිට විශ්වාසයක් තිබෙනවා. තව දින තුනත් ඇතුළත එක පෙට්‍රල් නෞකාවක් ලබා ගන්නවා. ණයවර ලිපි විවෘත කිරීමෙන් පසුව දින අටකින් පමණ අනෙකුත් නෞකා දෙක ලබා ගැනීමට නියමිතව තිබෙනවා.
නමුත් මහජන බැංකුව හරහා ණයවර ලිපි විවෘත වුවහොත් එම නෞකා ලබාගැනීමට නියමිතයි. මහජන බැංකුවෙන් එයින් සුබ පණිවිඩයක් ලැබෙයි කියලා විශ්වාසයෙන් ඉන්නවා."
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_2896e1de22.jpg)