අනිවාර්ය නිවාඩු යවා තිබෙන පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මූලස්ථානයේ විදුලි සෝපාන ක්රියාකරුවෙකුට 2017 වසරේදී පහර දීමේ සිදුවීම සම්බන්ධයෙන් කරන පරික්ෂණවලට අදාළව මෙසේ පූජිත් ජයසුන්දර මහතා අත්අඩංගුවට ගෙන තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්රකාශයක් ලබාගැනීමට කැඳවීමෙන් පසුව ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් පොලිස්පතිවරයා අද (01දා) කොටුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
