පුවක් ගෙඩියක් රුපියල් 20-25 ත් අතර දක්වා මිල ඉහළ ගොස් ඇතැයි වෙළෙන්දෝ පවසති. ජුලි මස පළමු සතිය වන විට පුවක් ගෙඩියක මිල රුපියල් 8ත් 10 අතර තිබු අතර,ජුලි අවසන් සතිය වන විට පුවක් ගෙඩියක මිල රුපියල් 20 ත් 25 දක්වා මිල ඉහළ ගොස් ඇති බවද වෙළෙන්දන් පවසති.
මේ අතර හබරාදුව නගරයේ වෙළෙදසැලවල පුවක් ගෙඩියක මිල රුපියල් 20ත් 23 අතර, අළෙවී වන බව ද අප කළ සොයා බැලීමේ අනාවරණය විය.
එම වෙළෙදුන් සදහන් කලේ මේ දිනවල වෙළෙදපොලට ලැබේන පුවක් අස්වැන්න අඩු බවයි.එමෙන්ම බද්දේගම,අක්මීමණ,ගාල්ල ප්ර දේශවලද මේ දිනවල පුවක් ගෙඩියක් අළෙවි වෙන්නේ රුපියල් 20ක් ඉහළ මිලකට බවද වෙළෙදුන් සදහන් කරති.
වෙළෙදපොලට ලැබෙන පුවක් අස්වැන්න අඩුවීම හේතුවෙන් ඉදිරි මාසය වන විට පුවක් මිල තව දුරටත් ඉහළ යා හැකි බවද වෙළෙදුන් සදහන් කරති.රුපියල් 50 ත් 60 ත් අතර, මිලකට අළෙවී වු බුලත්විඩ මිල ද,රුපියල් 10-20 අතර මුදලකින් මිල ඉහළ දමා තිබේ.ඒ අනුව බුලත්විඩ අළෙවිවන්නේ රුපියල් 70ත් 80 අතර මිල ගණන්වලට බවද වෙළෙදුන් සදහන් කරති.
ඩබ්ලිව්.එල්.අනුර - හබරාදුව