මැදවච්චිය නගරයේදී අත් අඩංගුවට ගත් අධි බලැති පුපුරණත් ද්‍රව්‍ය තොගයක් බසයක රැගෙන යමින් සිටි කමාන්ඩෝ සෙබලාගෙන් පොලිසිය තුළ රදවා ප්‍රශ්න කිරීමට, මැදවච්චිය මහේත්‍රාත් අධිකරණය අද (03දා) දින මැදවච්චිය පොලිසියට අවසර ලබා දී ඇත.
ඒ අනුව 03 වෙනිදා සිට 06 වෙනිදා දක්වා දින 03 ක කාලයක් මෙම සැකකරු මැදවච්චිය පොලිස් ස්ථානයේ රදවා ප්‍රශ්න කිරීම සිදු කරන බව පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ දෙවන කමාන්ඩෝ රෙජිමේන්තුව, තිරිමුරුත්කන්ඩිය, කිලිනොච්චිය යුද හමුදා කදවුරේ සේවය කල 33 හැවිරිදි තරුණයෙකි.
පසුගිය(02)දින සවස මැදවච්චිය පොලිස් ස්ථානාධිපති ආර්.එම්.අයි.බී රත්නායක මහතා ඇතුලු විශේෂ පොලිස් කණ්ඩායමක් යුත්තියේ මෙහෙයුමට සමගාමීව මැදවච්චිය නගරයේ හදීසි මාර්ග බාධක යොදා දුර ගමන් සේවා බස් රථ පරික්ෂාවක් සිදු කළේය.
එහිදී යාපනයේ සිට මොනරාගල බලා ධාවනය වූ බස් රථයේ මෙම කමාන්ඩෝ සෙබලා නිවාඩු ලබා වාඩියගම, බුබුල, කුරුවිතැන්න, මහියංගනය ලිපිනයේ පිහිට තම පදිංචි නිවස වෙත ගමන් කරමින් සිට ඇත. එහිදී සෙබලාගේ ගමන් බෑගයේ සූක්ෂම ලෙස සගවාගෙන සිටි විදුලි ඩෙට් නේටර් 04 ක් ,විදුලි නොවන ඩෙට් නේටර් 06 ක්, T.N.T . වර්ගයේ අධි බලැති පුපුරණත් ද්‍රව්‍ය ග්‍රෑම් 05 ක් සහ ඩෙට් කෝට් වයර් අඩි 20 ක් පොලිසිය සොයා ගෙන ඇත.
අනතුරුව එම පුපුරණත් ද්‍රව්‍ය සමග මෙම සෙබලා අත් අඩංගුවට ගෙන ඊයේ(03) දින මැදවච්චිය මහේත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත. ඒ අනුව නියෝජ්‍ය පොලිස්පතිතුමන්ගේ උපදෙස් පරිදි මැදවච්චිය පොලිස් ස්ථානාධිපති ආර්.එම්.අයි.බී රත්නායක මහතා මෙම සැකකරු රදවා ගනිමින් ප්‍රශ්න කිරීමට නියෝගයක් අධිකරණයෙන් ඉල්ලා ඇත. එම ඉල්ලීම සැලකිල්ලට ගෙන මැදවච්චිය මහේත්‍රාත් අධිකරණය එයට අවසර ලබා දුන් බව පොලිසිය කියයි.
මේ පිළිබඳ වැඩි දුර පරික්ෂණ කැබිතිගොල්ලෑව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එම්.එස්.කේ වික්‍රමනායක මහතා ප්‍රම්ඛ මැදවච්චිය පොලිස් ස්ථානාධිපති ආර්.එම්.අයි.බී රත්නායය මහතා විසින් සිදු කරයි.
සිඩ්නි රුවන්