‘පුනරුදයට රටම එකට’ ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ මැතිවරණය ප්රචාරක ජන හමු මාලාවේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා සහභාගි වන ගාල්ල දිස්ත්රික් ප්රධාන රැලිය මෙම මස 17වන දින සවස 04.00ට ගාල්ල සමනල ක්රීඩාංගණයේදී පැවැත්වේ.
ජාතික ජන බලවේගයේ දේශපාලන නායකයන් හා විද්වතුන් රැසකගේ ප්රධානත්වයෙන් මෙම ජන හමුව පැවැත්වෙන බව ජාතික ජන බලවේගයේ විධායක සභික, ජනතා විමුක්ති පෙරමුණේ ගාල්ල දිස්ත්රික් සංවිධායක හිටපු පළාත් සභා මන්ත්රී නලින් හේවගේ මහතා පැවසීය.
හබරාදූව - ඩබ්ලිව්.එල්.අනුර