පුනරුත්ථාපනය සඳහා මිනුවන්ගොඩ වෑගොව්ව ප්‍රදේශයේ පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට යොමු කළ පුද්ගලයෙකුගේ පාදවලට දම්වැල් දමා දෑත්වලට අත් මාංචු දමා හිමිකරු ඇතුළු පිරිසක් පොලු මුගුරුවලින් පහර දීමෙන් පුනරුත්ථාපනය වෙමින් සිටි පුද්ගලයෙකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි මිනුවන්ගොඩ පොලීසිය කියයි.
එම ඝාතනය සම්බන්ධයෙන් එම පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ හිමිකරු ඇතුළු පුද්ගලයන් 12 ක් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අතර ප්‍රධාන සැකකරුගේ ඥාතියකු සහ එම මධ්‍යස්ථානයෙන්ම පුනරුත්ථාපනය වූ පුද්ගලයෙකු මෙන්ම පුනරුත්ථාපනය වෙමින් සිටින පුද්ගලයන් 9 ක්ද වන බව පොලීසිය සඳහන් කරයි.
පහර දීමට යොදාගත් පොලු මුගුරු , අත්විලංගු ජෝඩුවක් මෙන්ම , දම්වැලක් හා පහර දෙන අයුරු දැක්වෙන සීසීටීවී දර්ශනද පොලිස් භාරයට ගෙන ඇත.මෙලෙස ඝාතනයට ලක්ව තිබුණේ ගනේ මුල්ල කළුවල පාර අංක 33 ලිපිනයේ පදිංචිව සිටි අනුෂ්ක දයාන් වීරසිංහ 33 හැවිරිදි දෙදරු පියෙකි.
සිද්ධිය වූ දින රාත්‍රී රුපියල් 60000/= ක අත්තිකාරම් මුදලක් හා ඔහුගේ පුතු රැගෙන යන ලෙස පවසා අමතරව ප්‍රවාහන පහසුකම් වෙනුවෙන් රුපියල් 30000/= ක මුදලක් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ හිමිකරු වෙත ලබා දී තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
එදිනම රාත්‍රී ඝාතනයට ලක් වූ පුද්ගලයා ට හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කිරීමෙන් පසු එදින රාත්‍රියේම ඔහු මිය ගොස් තිබිණ.මේ සම්බන්ධයෙන් ඉකුත් 29දා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ අතර මරණයට හේතුව ලෙස මොට ආයුධයකින් හිසට පහර දීමෙන් සිදුවූ තුවාල මත අභ්‍යන්තරට ලේ වාහනය වීමෙන් සිදු වූ මනුෂ්‍ය ඝාතනයක් බවට වාර්තා ලබා දී ඇතැයි පොලීසිය සඳහන් කරයි.
මේ අනුව සිදුකළ විමර්ශනවලදී ඝාතනයට ලක් වූ පුද්ගලයා නිරතුරුම කෑ ගැසීම හේතුවෙන් සැකකාර මධ්‍යස්ථානයේ හිමිකරු අනෙක් පිරිස සමඟ එක්ව අත්වලට විලංගු දමා පාදවලට දම්වැල් දමා පොලු මුගුරුවලුන් ඔහුට පහරදී ඇති බවට අනාවරණය වී යැයි පොලීසිය කියයි.
අදාළ මධ්‍යස්ථානයේ සීසිටීවී දර්ශන පරික්ෂා කිරීමේදී පිරිස එක්ව ඝාතනයට ලක් වූ පුද්ගලයාට පහර දෙන අයුරු සටහන්ව ඇතත් හිමිකරු පහර දෙන දර්ශනා එම සීසීටීඊ කැමරාවෙන් මකා දමා ඇති බවට විමර්ශනවලදී අනාවරණය වූ බවත් ඒ අනුව ඩී වී ආර් පද්ධතිය පොලිස් භාරයට ගෙන වැඩිදුර විමර්ශන සඳහා යොමු කිරීමට නියමිතව ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
මෙම මධ්‍යස්ථානය හා රජයේ නිසි අයුරින් ලියාපදිංචි වී නොමැති බවට ද මේ වන විට අනාවරණය වී ඇතැයි පොලීසිය කියයි.මිනුවන්ගොඩ පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී. ඩී. එස්. ප්‍රිය දර්ශන මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් පෙරේරා මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.