නිව්මෝනියාව සහ වකුගඩු රෝගී තත්ත්වයන් පෙළෙමින් සිට මියගිය පුද්ගලයකුගේ සිරුර සම්බන්ධයෙන් බලන්ගොඩ මූලික රෝහලේදී ඊයේ 27දා සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී පෙණහැල්ලේ තිබී දතක් හමුවී තිබේ.
මෘතදේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය බලන්ගොඩ මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනි ඩී.චේතිසත්යා මෙනෙවිය විසින් සිදුකළ අවස්ථාවේදී එම දත පෙණහැල්ලේ තිබී හමුවූ බව බලන්ගොඩ හදිසි මරණ පරීක්ෂක පත්මේන්ද්‍ර විජේතිලක මහතා පැවසීය.
බලන්ගොඩ වලේබොඩ ප්‍රදේශයේ පදිංචිව අවුරුදු 59 පුද්ගලයකුගේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී මෙලෙස හමුවී තිබුණි.
මොහු අධික ලෙස මත්පැන් පානය කරන්නෙකු බවත් කාලයක් තිස්සේ නිව්මෝනියාව සහ වකුගඩු රෝගී තත්ත්වයන් පෙළෙමින් සිට ඇති බවත් නිව්මෝනියාව උත්සන්න වීම හේතුවෙන් මියගොස් ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වූ බව විජේතිලක මහතා සඳහන් කළේය.
නමුත් මීට වසර කිහිපයකට පෙර එම දතක් ගැලවී ගොස් පෙණහැල්ලේ සිරවී ඇති බවට සැකකෙරෙන බවත්, තමන්ගේ සිරුර සම්බන්ධයෙන්වත් මොහු සැලකිල්ලක් දක්වා නොමැති බවද පත්මේන්ද්‍ර විජේතිලක මහතා පැවසීය.
සම්පත් ප්‍රියනන්දන