මෝටර් රථයක් ඉදිරියට ධාවනය වී එයට යට වීමෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්යවරියක් මියයාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඇයගේ පුතු නුගේගොඩ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස වැඩ බලන මහේස්ත්‍රාත් සුනිල් හෙට්ටිආරච්චි මහතා නියෝග කළේය.
මෙලෙස ඇප මත මුදා හැරියේ මූල්‍ය කළමනාකර උපදේශ වරයෙකු වූ දුලාන චන්දිම ජය වර්ධන (32) යට අයයි
ඊට අමතරව සැකකරුගේ රියැදුරු බලපත්‍රයේ තාවකාලිකවඅත්හිටුවීමට ද, නියෝග කළේය.
ඊටත් අමතරව අධිකරණ රෙජිස්ටාර්වරයාගේ ලිපියක් රැගෙන නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය වෙත ඉදිරිපත් කර වාර්තාවක්ද රැගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වැඩිදුරටත් නියෝග කළේය.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ කොහුවල වුඩ්ලන්ඩ් මාවතේ ජයසුමනා මාර්ගයේ පදිංචිව සිටි ජානකි දීප්තිකා ජයවර්ධන 59 හැවිරිදි දෙදරු මවකි'
කාර්මික දෝෂයට ලක්ව තිබූ මෝටර් රථය නිවස ආසන්නයේ එම මාර්ගයේ බෑවුමේ නතර කර ඉදිරිපස රෝදයට ගලක් තබා තිබි ඇතැයි පොලිසිය සඳහන් කරයි
සැකකාර පුතු මෝටර් රථයේ රියදුරු අසුනේ අසුන් ගැනීමෙන් අනතුරුව මව සහ රියදුරුගේ බිරිඳ ඉදිරිපස රෝදයට තබා තිබූ ගල ඉවත් කිරීමට උත්සාහ දරා ඇති අතර එය නිෂ්ඵල වීමෙන්අනතුරුව සියදුරු ලෙස සිටි සැකකරු මෝටර් රථයේ ඉදිරිපස දොර විවෘත කර පිටතට පැමිණීමත් සමගම මරණ කාරිය විසින් අඩයට තබා තිබූ ගල ඉවත් කර තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණයවී ඇත
ඒ සමඟම මෝටර් රථය බෑවුම දෙසට පැමිණීමේදී රියදුරුගේ මව වන මරණකාරිය මෝටර් රථයේ ගැටී මෙම අනතුර වී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත
මෝටර් රථය බෑවුම දෙසට පැමිණීමේදී රියදුරු, බිරිඳ හා මරණකාරිය මෝටර් රථය නවතා ගැනීමට උත්සාහ දරා ඇති අතර අනතුරුව සැකකරු සහ ඔහුගේ බිරිඳ පිටතට පැන දී බේරාගෙන ඇති අතර මරණකාරියට ඉවත්වීමට නොහැකි වීමෙන් මෙම අනතුරට මුහුණපා ඇති බව සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණයවී ඇත
රිය අනතුරක් සිදුකර සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම , රිය අනතුරක් වළක්වා නොගැනීම හා නවතා තැබීමේදී අදාල ක්‍රියාමාර්ග නොගැනීම යන චෝදනා යටතේ සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි
සැකකරු වෙනුවෙන් ජේෂ්ඨ නීතීඥ විදුර පී මංචනායක හා නීතීඥ හසිත ධනංජය මහත්වරුන් පෙනී සිටියහ