පොළොන්නරුව දෙහිඅත්තකණ්ඩිය සේරුපිටිය ප්‍රදේශයේ පසුගිය දිනෙකින් පිහියෙන් ඇන තම පුතා මරණයට පත් කිරීමෙන් අනතුරුව පොළොන්නරුව රක්ෂිත බන්ධනාගාරගතව කර සිටි අවුරුදු 47ක් වයසති අයෙකු 03 වෙනිදා සවස රිමාන්ඞ් බන්ධනාගාර තුළදී ගෙල වැලලා ගැනීමෙන් අසාධ්‍යව පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබන බව පොළොන්නරුව පොලිසිය කියයි.
අවුරුදු විසි හතරක් වයසති අංක 152/ 01 සේරුපිටිය, දෙහිඅත්තකණ්ඩිය ලිපිනයේ පදිංචිව සිටි රාජපක්ෂ දේවයලාගේ සදුන් නිමන්ත යන තම පුතුට ඉකුත් 30 වෙනිදා පිහියෙන් ඇන මරණයට පත් කිරීම සම්බන්ධයෙන් ඔහුගේ පියා වූ සේරුපිටිය අංක 152 ලිපිනයේ පදිංචි රාජපක්ෂ දේවයාලාගේ සුමතිපාල යන අය දෙහිඅත්තකන්ඩිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන පොළොන්නරුවෝ අධිකරණ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝගය කොට තිබේ.
මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධව දෙහිඅත්තකන්ඩිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් ඔහු දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයේ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත යොමු කෙරිණි.
ඔහු මේ වනවිට පොළොන්නරුව රක්ෂිත බන්ධනාගාරයේ නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ගන්නා බව පොළොන්නරු රෝහල් ප්‍රකාශකයකු අප කළ විමසීමකදී සඳහන් කළේය.
මනම්පිටිය නිමල් ජයරත්න