ග්රෑන්ඩ්පාස් පොලිස් වසමේ ඔරුගොඩවත්ත ප්රදේශයේදී ඊයේ (18දා) රාත්රී පහරදීමක් හේතුවෙන් රෝහල් ගත කල පුද්ගලයෙකු මියගොස් ඇති බවට ග්රෑන්ඩ්පාස් පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මරණකරු වයස අවුරුදු 54 ක් වූ අවිස්සාවේල්ල පාර, ඔරුගොඩවත්ත ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මරණකරු හා ඔහුගේ පුත්රයා අතර ඇති වූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් පුත්රයා විසින් යකඩ පොල්ලකින් මරණකරුගේ හිසට පහරදී ඇති අතර එම පහරදීමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මියගොස් ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.
මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අපරාධය සිදුකල වයස අවුරුදු 20 ක් වන මරණකරුගේ පුත්රයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ග්රෑන්ඩ්පාස් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.