පළාත් පාලන ඡන්දය සඳහා නාම යෝජනා ලබාදුන් ඇතැම් පක්ෂ ක්‍රියාත්මක තත්ත්වයේ නොමැතිවීම හා ඇතැම් අපේක්ෂකයින් පිල් මාරුකර සිටීම වැනි ප්‍රශ්ණ ගණනාවක් සම්බන්ධයෙන් මැතිවරණ වේදිකා ඇතුළු විවිධ තැන්වල කතාබහක් නිර්මාණය වී තිබෙන බවත් මැතිවරණය පැවැත්වීම සම්බන්ධව මැතිවරණ කොමිසම අදාළ කරගනු ලබන්නේ පවතින නීතිය අනුව කැඳවූ නාම යෝජනා වලට අනුව ඡන්දය පැවැත්වීම බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.
මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා මෙසේ පැවසුයේ මැතිවරණ වාර්තාකරණය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සඳහා ඉන්ටනිව්ස් ආයතනයේ මෙහෙයවීමෙන් මහනුවර රෝයල් මෝල් සම්මන්ත්රන ශාලාවේදි පැවැති වැඩසටහනකට සහභාගි වෙමිනි.
ඉදිරියේදි පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය මෙරට දේශපාලන සංස්කෘතිය සම්බන්ධයෙන් හොඳ ප්‍රශ්න කිරීමක් කරන අවස්ථාවක් විය හැකි බවත් පළාත් පාලන ඡන්දය සඳහා නාම යෝජනා ලබාදුන් ඇතැම් පක්ෂ මේ වනවිට ක්‍රියාත්මක තත්ත්වයේ නොමැති වීම හා අපේක්ෂකයින් ගණනාවක් පිල්මාරු කර සිටීම වැනි කාරනා සම්බන්ධයෙන් ප්‍රශ්න මතු විය හැකි බව ඒ මහතා පැවසිය.
එම ගැටඵ සැලකීමේ දී නාම යෝජනා ලබාදුන් පුද්ගලයෙකු මියගිය අවස්ථාවක ඒ වෙනුවට වෙනත් අයෙකු ඇතුළත් කිරීමට නීතියෙන් බාධාවක් නොමැති බවත් පිල්මාරු කිරීම වැනි කාරනා වල දී කොමිසම කටයුතු කරන්නේ පවත්නා නීතියට අනුව බව සමන් ශ්‍රී රත්නායක මහතා එහිදි පැවසිය.
.පවතින තත්ත්වය යටතේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම මේ රටේ දේශපාලන සංස්කෘතිය සම්බන්ධයෙන් හොඳ ප්‍රශ්න කිරීමක් කරන අවස්ථාවක් බවට පත්විය හැකි බවද ඒ මහතා පැවසිය.
පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් අධිකරණය නියෝගයක් ලැබී තිබෙන බවත් පසුගිය අගෝස්තු මස 22 වැනිදින ලබාදුන් අධිකරණ තීන්දුවට අනුව එම අවස්ථාවේ පවත්වන මැතිවරණයට බාධාවක් නොවන ආකාරයෙන් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අධිකරණය මගින් නියෝග ලැබුනු බවත් අදාළ තීන්දුව ලැබෙන විට ජනපතිවරණය පවත්වමින් තිබුණු බවත් ජනපතිවරණය අවසන් වූ සැනින් පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට සිදුවුණ බවද සමන් ශ්‍රී රත්නායක මහතා පැවසිය.
පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වූ පසු මැතිවරණ කොමිසමට පළාත් පාලන මැතිවරණය පවත්වන්නට අවස්තාව ලැබෙන බවත් පසුගිය පළාත් පාලන මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද නිකුත් කිරීමේ අවස්ථාව දක්වා මැතිවරණ කටයුතු සිදුවි ඇති බවත් එම නිසා දින 35 40 කාලයක දී පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ හැකියාව තිබෙන බවද සදහන් කළේය.