කරන්දෙණිය කුරුදුගහහැතැප්ම් දිවිතුරගමදී නාදුනන තුවක්කුකරුවන්ගේ වෙඩි පහරින් ඊයේ(27)ජිවිතක්ෂයට පත්වූ කරන්දෙණිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාරගේ ඝාතකයන් හදුනා ගැනීමට පොලිස් කණ්ඩායම් හයක් මේ වනවිට යොදවා ඇති බව ඇල්පිටිය පොලිස් අධිකාරී කාර්ලය කියයි.
සිය කාර්යාලයේ පූර්ණ අධීක්ෂණය යටතේ වෙනමම විශේෂ පොලිස් කණ්ඩායමක් මේ ඝාතනයේ සුලමුල හෙළිකර ගැනීම සදහා යෙදවූ බව ද එම කාර්යාලය කියයි. ඇල්පිටිය පොලීසියේ අපරාධ විමර්ශණ ඒකකය, ඇල්පිටිය කොට්ටාස අපරාධ විමර්ෂණ ඒකකය, ගාල්ල පොලිස් අපරාධ කොට්ටාසය,ඇල්පිටිය අපරාද ස්ථානීය පරීක්ෂණාගාර ඒකකකය ,පොලිස් විශේෂ කාර්ය බලකාය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සදහා යොදවා ඇති බව ඇල්පිටිය පොලිස් අධිකාරී කාර්යාලයේ ප්රකාශයෙක් කීවේය.
මේ ඝාතනය පාතාලයේ කියාකාරකමද නොඑසේනම් රාජකාරී කටයුත්තක් වෙනුදෙන් සිදුවූක්ද එසේත් නොමැති නම් වෙනත් හේතුවක් නිසා සිදුවූවක් ද යන්න පිළිබදව ඉතා සියුම් විශ්ලේෂණයක් ආරම්භ කර ඇති බව ද ඔහු කීවේය.
ඝාතකයන් පැමිණි යතුරු පැදිය හදුනා ගැනීමට සී.සී.ටී.වී.දර්ශන යොදා ගන්නා බවත් ඒ ඔස්සේ ඝාතකයන් හදුනාගෙන ඔවුන් ඉතා ඉක්මණින්ම අත් අඩංගුවට ගෙන මේ ඝාතනයේ සුලමුල සොයා ගැනීමට කටයුතු කරන බවද ඇල්පිටිය පොලිස් අධිකාරී කාර්යාලය කියයි.
ඝාතනය සම්බන්ධයෙන් නිශ්චිත හේතුවක් තවමත් හදුනාගෙන නැති බවත් ඉදිරි දිනවලදි බොහෝවිට එය අනාවරණය කරගත හැකි බවද එම කාර්යාලය කියයි.
කරන්දෙණිය එම්.සුසිල් පියන්ත සහ ඇත්කදුර ජනක් ද සිල්වා