බිබිල මැදගම පොලිස් ස්ථානයේ කොස්තාපල්වරයෙකු මැදගම නගරයේ පොදු වෙළඳපොලේ දි ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් 3000/= අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි.
බිබිල මැදගම ප්‍රදේශයේ පුද්ගලයකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගන්නා ලද රා ප්‍රමාණය අඩුවෙන් සඳහන් කර අධිකරණයට කරුණු වාර්තා කිරීමටත් අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන්ගේ පෙර වැරදි සඳහන් නොකිරීමට සහ ඉදිරියේදී මේ සම්බන්ධ අවශ්‍ය සහයෝගය ලබාදීම සඳහා එකී මුදල ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත සැකකාර කොස්තාපල්වරයා කඩ කාමරය තුළදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකාර කොස්තාපල්වරයා බිබිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පරීක්ෂණ පවත්වයි.