ගැබ්ගෙල පිළිකා සදහා ලබාදෙන එන්නත විදීමෙන් පසු වාද්දුව බාලිකා විද්‍යාලයේ සිසුවියන් සිව්නෙකු අද (29) දහවල් රෝහල් ගතකර ඇති බව පානදුර මූලික රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය .
මෙසේ රෝහල් ගතකර ඇත්ත් වයස අවුරුදු 11 - 12 ත් අතර වියේ පසුවන සිසුවියන් බව සදහන් වේ.
රෝහල් ගතකල සිසුවියන් සිව්දෙනා වමනය සහ හුස්ම ගැනීමේ අපහසුතාවය වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.
මේ දිනවල පාසල් සිසුවියන්ට ගැබ්ගෙල පිළිකා එන්නත ලබාදීම සිදුකරන බැවින් වාද්දුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය වෙතින් එච්පී නමැති ගැබ්ගෙල පිළිකා සදහා ලබදෙන එන්නත වාද්දුව බාලිකා විද්‍යාලයේ සිසුවියනට ලබාදී ඇති බව සදහන් වේ.
අද දිනයේදී (29) සිසුවියන් 135 දෙනෙකු වෙත එන්නත ලබාදී ඇති අතර ,එන්නත ලබාදීමෙන් පසු විනාඩි 20 -30 ත් අතර කාලයක් සිසුවියන් වෛද්‍ය කාර්ය මණ්ඩලයේ අධීක්ෂණයට යටත්ව සිටින බවත් , එසේ සිටියදී සිසුවියන් සිව්දෙනා වමනය සහ හුස්ම ගැනීමේ අපහසුතා ඇති බව දැනුම් දී ඇති බවත් සෞඛ්‍ය ප්‍රකාශකයෙක් පැවසීය .
පසුව 1990 ගිලන් රථ දෙකක් ගෙන්වා සිසුවියන් සිව්දෙනා පානදුර මූලික රෝහලට රැගෙන ගොස් ඇති අතර , ඔවුන් හදිසි ප්‍රතිකාර ඒකකයට යොමුකල බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය .
සති දෙකකට පෙර එම එන්නත ලබාදුන් අගුරුවාතොට ප්‍රදේශයේ පාසලක සිසුවියන් පිරිසක්ද රෝහල් ගතකර ඇති බව සෞඛ්‍ය ප්‍රකාශකයෙක් වැඩිදුරටත් පැවසීය . (I. J)
සුමිත් පොතුපිටිය