ලබන 21 වැනිදා නිර්මාණය වන සිය ආණ්ඩුවක් යටතේ මන්ත්‍රීවරුන්ට පක්ෂ මාරු කිරීම අනිවාර්යෙන් තහනම් කරන බවත්, ඒ සම්බන්ධයෙන් වන නීති සම්පාදනය කරන බවත් සමගි ජන සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂක විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
නාච්චාදූව ප්‍රදේශයේ පැවති ජනරැලියක් අමතමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.
“21 වැනිදාට නිර්මාණය වන අපේ ආණ්ඩුවෙහි අනිවාර්යෙන්ම පැත්තෙන් පැත්තට පක්ෂ මාරු කරන ක්‍රමය අපි අනිවාර්යෙන්ම තහනම් කරනවා. දැනටමත් තහනම් වෙලා තියෙන්නේ. ඒත් තහනම් කරන ඒ නීති රීති අපි තවදුරටත් ශක්තිමත් කරලා, ඒ කරුණු පිළිබඳ අධිකරණයට ගන්න පුළුවන් තීන්දු ශක්තිමත්ව ගැනීම සඳහා ඒ අවශ්‍ය නීති රීති ටික අපි සම්පාදනය කරනවා.
අපි කිසිම අවස්ථාවක කිසිදු මන්ත්‍රීවරයෙක් සම්බන්ධ කරගන්නේ නෑ පුද්ගලික වරදාන, වරප්‍රසාද හෝ කොන්දේසි මත. අපි එහෙම කවදාවත් කරලාත් නෑ. කරන්න යන්නෙත් නෑ. අපිත් එක්ක හැමෝම එකතුවෙලා තිබෙන්නේ ප්‍රතිපත්ති කේන්ද්‍ර කරගෙන.
විශේෂයෙන්ම අපේ ප්‍රතිපත්තිය තමයි ගම් හදා, නගර හදා රට හැදීම. අපේ ප්‍රතිපත්තිය තමයි නැවතත් වරක් ඉඩමක් නිවසක් නොමැති ජනතාවට ඉඩම් ටික නිවෙස් ටික ලබා ගැනීමේ ක්‍රමවේදය අලුත් ගම් උදා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම. මේ රටේ ග්‍රාමීය, නාගරික උඩරට වතු ක්ෂේත්රයේ, පහතරට වතු ක්ෂේත්රයේ, ධීවර ක්ෂේත්රයේ මධ්‍යම පාන්තිකයන්, නගර බල ප්‍රදේශ, ආපදාවකින් හානියට ලක්වුණු පුද්ගලයන්ට මෙන්න මේ කොටස් ගණනාවටම නිවාස වැඩසටහන්, එකට එකතු කරලා ජාතික නිවාස ප්‍රතිපත්තියක් සම්පාදනය කරනවා”