හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණියේය.
ඒ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ චැනල් 4 නාලිකාව ඉදිරිපත් කළ වාර්තා වැඩසටහනේ ඇතුළත් කරුණු සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමටය.
පසුගිය 12 වැනි දිනට ඔහුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනීසිටීමට දැනුම් දී තිබූ නමුදු ඊට පසුගිය මැතිවරණයේ දේශපාලනකටයුතු සිදුකළ බැවින් ඊට පැමිණීමට නොහැකිවූ බව ඔහු විසින් වැඩි දුරටත් පැවසීය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධ සියලු විමර්ණ කටයුත්‍ර වලට සිය පූර්ණ සහාය පළකරන බවත් ඒ් සම්බන්ධ කිසිම කටයුත්තකට තමන් වැරදිකරැ නෙවන බවත් තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්ත මේන්තුවට ගොස් යලි පැමිණෙන බවත් ස්ථිරම කියා සිටියේය.
ඉන්ද්‍රමූර්ති ජයසූරිය