ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යටතේ පවතින සපුගස්කන්ද තෙල් පිරිපහදුව ඉන් ඉවත් කර වෙනමම රාජ්‍ය ව්‍යවසායක් වශයෙන් පවත්වාගෙන යාමට විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසෙකර මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිව තිබේ.
ශ්‍රී ලංකාවේ පවතින එකම ඉනධන පිරිපහදුව වන සපුගස්කන්ද පිරිපහදුව 1969 වසරේදී ඉදිකර ඇති අතර පිරිපහදු කළ ඛණිජ තෙල් ඉල්ලුමෙන් සියයට 25ක් පමණ එමගින් සපුරයි.
මෙම පිරිපහදුව යාවත්කාලීන කර තවත් වසර 25ක පමණ කාලයක් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් සුදුසු ආයෝජනයක් කිරීම රජය විසින් හඳුනාගෙන තිබේ.
එම දේශීය හා විදේශීය ආයෝජනයන් පුද්ගලික අංශයෙන් ලබා ගත හැකි වන පරිදි මෙසේ සපුගස්කන්ද පිරිපහදුව රජය යටතේ පවතින වෙනම ව්‍යවසායක් ලෙස ස්ථාපිත කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.