මීරිගම නගරයේ ඉන්ධන පිරවුම් හලකින් පෝලිමේ සිට ඉන්ධන ලබාගෙන ආපසු යාමට සූදානම් වූ පුද්ගලයෙකු ඇද වැටී රෝහල්ගත කිරීමේ දී මියගොස් ඇතැයි මිරිගම පොලිසිය පවසයි.
ත්රී රෝද රථයකින් පැමිණි පුද්ගලයකු පෝලිමේ සිට කෑන් තුනකට ඉන්ධන ලබාගෙන ඇත. අනතුරුව එම පුද්ගලයා කෑන් දෙකක් රැගෙන ගොස් තිරෝද රථයෙහි තබා ඇත.
තුන්වෙනි කෑන්එක රැගෙන යමින් සිටියදී ඔහු එක්වරම බිම ඇද වැටීමෙන් පසු ඒ අසල ආරක්ෂක රාජකාරි යෙදී සිටි පොලිස් නිල ධාරීන් යුහුසුළුව ක්රියාකර ගිලන් රථයකින් ඔහු මීරිගම මූලික රෝහලට ඇතුළත් කර ඇත.
රෝහලට ඇතුළත් කරන පුද්ගලයා ඒ වන විටත් මිය ගොස් ඇති බව හෙළි වී තිබේ. මියගිය අය හඳුනාගෙන මරණ පරීක්ෂණය පැවැත්වීමට පොලීසිය කටයුතු කරමින් තිබිණි.
මීරිගම කාන්ති සහ වාරණ ආනන්ද ඉ ජයකොඩි