සූරියවැව වැවේගම ප්රදේශයේදී පියාගේ වෙඩි පහරින් බරපතල තුවාල ලැබූ පුතෙකු රෝහල් ගතකර ඇතැයි සූරියවැව පොලිසිය පවසයි.
පොලිසිය පැවසුවේ ඊයේ (11) දහවල් මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි. අධික ලෙස බීමත්ව සිටි පියා බෙහෙත් කොටන තුවක්කුවක්ද රැගෙන පුතාගේ නිවස අසලට පැමිණ පුතාට බැණවැදී ඇති අතර නිවෙස තුළ දහවල් කෑම කමින් සිටි පුතා බැණ වැදීමට හේතුව විමසීමට නිවෙසින් එලියට පැමිණීමේදී වෙඩිතැබීම සිදු කර තිබේ.
වෙඩි පහර තුවාලකරුගේ වම් කකුලේ දණහිසට ඉහලින් කලවා ප්රදේශයට වැදී ඇත. වෙඩි තැබූ පියා පලාගොස් ඇතැයි පොලිසිය පවසයි.සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන සූරියවැව පොලීසිය විසින් සිදුකරනු ලබයි.