රත්මලාන, මාලිගාව පාර නිවසකට 11 අලුයම කඩු පිහි රැගෙන ඇතුලුවූ පියෙකු එහි සිටි සිය පුතාට කඩුවෙන් හා පිහිවලින් පහරදී ඝාතනය කර සිය බිරිදට බරපතල කැපුම් තුවාල සිදුකර පලාගොස් ඇතැයි.ගල්කිස්ස පොලීසිය පැවසීය.
මෙලෙස පියා විසින් ඝාතනය කර තිබුණේ රත්මලාන, මාලිගාව පාර අංක 166/ඒ හි පදිංචිව සිටි වයස අවුරුදු (26) ක් වන ලහිරු ලක්ෂාන් නම් කර්මාන්ත ශාලාවක සේවකයෙකුද වන අතර බරපතල කැපුම් තුවාල සහිතව රෝහල් ගත කරනු ලැබ ඇත්තේ ඝාතකයාගේ බිරිද වන (54) වීයෙහි පසුවූ කාන්තාවකි.
මෙම ඝාතනය උදෑසන 5.30 ට පමණ සිදුවී ඇති අතර ,ඒ වනවිටත් පැය ගනනක් පියා නිවස අසල මල්ගස් අස්සේ මල් කඩන මුවාවෙන් ඔත්තු බලා ඇති අතර අලුයම නිවසේ සිටි ආච්ච් අම්මා පිටව ගිය පසු වහාම නිවසට ඇතුලූවී මෙලෙස අමානුෂික ලෙස පහරදී ඇති බවත් අසල්වාසීන් සැකකරු පලාගිය පසු නිවසට ඇතූලුවී බරපතල තුවාල ලබා සිටි පුතු හා මව ත්රී රෝද රථයක් මගින් දකුණු කොළඹ ශික්ෂණ රෝහල වෙත ප්රතිකාර සදහා ඇතුලත් කරනු ලැබූ බවත් ඒ වනවිටත් පුතු මිය ගොස් තිබූ බවත් අසල්වැසි ඥතියෙකු පැවසීය .
සිද්ධියෙන් පසු සැකකාර පියා ප්රදේශය හැර පලා ගොස් ඇති අතර සිද්ධිය පිළිබඳව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.