පානදුර, පින්වත්ත පොලිසියේ ස්ථානාධිපති වරයාට ඩුබායි රාජ්‍යයේ සැගව සිටින ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙක් විසින් මරණ තර්ජන එල්ලකර ඇති බව පානදුර පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.
පින්වත්ත ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පත්ම නන්දන මහතා ට මෙසේ දුරකථන මගින් මරණ තර්ජන සිදුකර ඇති බව සදහන් වේ.
ලංකාවේ ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙකුගේ ගෝලයෙකු විසින් මෙසේ තර්ජනය කර ඇති බව පැවසේ.
මරණ තර්ජන එල්ලකර ඇති සැකකරුගේ අනියම් බිරිද, සොහොයුරියක ඇතුළු තිදෙනෙකු මත්කුඩු සමග මීට මාස කිහිපයකට පෙර පින්වත්ත ස්ථානාධිපති වරයා විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් පානදුර ජේෂ්ඨ පොලිස් නිළධාරින් කිහිප දෙනෙක් ගෙන් විමසීමක් කලද ඔවුන් සදහන් කලේ එවැනි මරණ තර්ජනයක් සම්බන්ධයෙන් වාර්තාවී නොමැති බවයි.
කෙසේ නමුත් ඉතා අවංකව රාජකාරි ඉටුකරන නිළධාරියෙක් වන ප්‍රධාන පොලිස් පරීක්ෂක වරයාගේ ජීවත අවධානම සම්බන්ධයෙන් ජේෂ්ඨ නිළධාරින්ගේ අවධානය යොමුකල යුතු බවද පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.
පානදුර සුමිත් පොතුපිටිය