රිය ධාවනය කිරිමේදී ඉතාමත් සැලකිලිමත් ලෙස කටයුතු කරන ලෙස රියදුරන්ගෙන් ඉල්ලා සිටින බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. අද (22දා) උදේ 6.00අවසන් වූ පැය 24 ක කාලයෙහිදී රිය අනතුරු දහයක් වාර්තා වී තිබෙන බව එම කොට්ඨාසය සඳහන් කරයි.
මෙම පැය 24 කාලයෙහිදී සිදු වූ රිය අනතුරු 10 න් පුද්ගල මරණ 13ක් සිදුව තිබෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ බුද්ධික මනතුංග මහතා සඳහන් කළේය.මෙම අනතුරු 10 ප්‍රධාන නගර ආශ්‍රිතව සිදුව තිබෙන බවත් මිය ගිය 13 දෙනා සැලකීමේදි 04 දෙනෙකු පදිකයන් බවත් ඔහු කියා සිටියේය.
පෙර දිනවල සිදුවූ රිය අනතුරු නිසා බරපතළ තුවාල ලබා රෝහල් ගත කර සිටි හය දෙනෙක් ඊයේ උදේ 6.00න් අවසන් වූ පැය 24 ක කාලයෙහිදී මිය ගොස් තිබෙන බවද හෙතෙම පැවසීය. රිය අනතුරු නිසා මෙම පැය 24 ක කාලයෙහිදී පුද්ගල මර19ක් සිදුව තිබෙන බවත්, උත්සව සමය මූලික කර ගෙන බීමත් රියදුරන් හා මාර්ග නීති කඩකරමින් වාහන ධාවනය කරන පිරිස්වලට නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා දිවයින පුරා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බවත් ඒ මහතා සඳහන් කළේය.
උත්සව සමය නිමිති කරගෙන මේ දිනවල මාර්ගවල රථවාහන ගමන් කිරිම ඉහළ ගොස් තිබෙන බවත්, පදික වේදිකාවල ගමන් කරන ප්‍රමාණය ඉහළ ගොස් තිබෙන බවත් නිහාල් තල්දූව මහතා පවසා සිටියේය.
මේ නිසා පදිකයන් ද මාර්ග හරහා ගමන් කිරිමේදී මාර්ගයේ ගමන් ගන්නා රථවාහන පිළිබඳව සැලකිලිමත් විය යුතු බව ඔහු පවසා සිටියේය.