පැමිණිල්ලක් විභාග කිරීම සඳහා පූජාපිටිය පොලිස් වසමේ බෝතොට ප්‍රදේශයට ගිය නිලධාරියකුට එම පැමිණිල්ලේ විත්තිකරු විසින් පොල්ලකින් පහරදීම හේතුවෙන් එම නිලධාරියා බරපතල තුවාල ලබා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි .
පොලිස් නිලධාරියාට පහර දුන් බව කියන පුද්ගලයා පොලිස් නිලධාරියාට පහර දීමෙන් පසු එම ප්‍රදේශයේ දැවැන්ත කොස් ගසකට නැග සිටින බවදපොලිසිය කියයි .
පූජාපිටිය පොලිසියේ එම නිලධාරියා අද (25) දින එම පොලිස් බල ප්‍රදේශයේ බෝතොට ප්‍රදේශයට ගොස් තිබුණේ සහෝදරයන් දෙදෙනෙකුගේ ආරවුලක් සම්බන්ධයෙන් ලැබුණ පැමිණිල්ලකට අනුවය. පොලිස් නිලධාරියා සහෝදරයන් දෙදෙනා කැඳවා පැමිණිල්ල විභාග කරමින් සිටින අතරතුර පහර දුන් බව කියන සහෝදරයා ආවේගශීලීව හැසිරමින්
පොල්ලක් ගෙන එක්වරම පොලිස් නිලධාරියාට ප්‍රහාරයක් එල්ල කොට තිබේ . ඉන් පොලිස් නිලධාරියාගේ පපුව ප්‍රදේශයටත් අතකට සහ කකුලකට බරපතල සිදුව තිබේ .
පොලිස් නිලධාරියාට පහර දුන් පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා ඔහු නැග සිටින කොස් ගසින් බසිනතුරු පොලිස් රැකවල් යොදා ඇති බව ඉහළ පොලිස් නිලධාරියකු පැවසීය. මහනුවර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ උපදෙස් පරිදි පූජාපිටිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි .