බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේ දී පැවති විරෝධතාවය මෙහෙයවූ බව කියන අරගලයේ ක්රියාකාරිකයෙකු වූ පැතුම් කර්නර් නැමැත්තා අද (28 දා) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.
ඉකුත් 18දා ඔහුව කොළඹ අපරාධ කොට්ඨාසය වෙත කැඳවා තිබූ නමුත් අසනීප තත්ත්වයකින් පෙළෙන බව පවසමින් නීතිඥවරයෙකු මාර්ගයෙන් ලිපියක් ඉදිරිපත් කර තිබූ බව පොලිසිය කියයි.
ඉකුත් 13දා පැතුම් කරනර් නැමැත්තා බත්තරමුල්ල පොල්දූව මංසන්ධිය ආසන්නයේ තැන තැන රැඳී සිටිමින් ජනතාවට එම ස්ථානයට පැමිනෙන ලෙස විවිධ ක්රම ඔස්සේ දැනුම් දෙමින් එහි සිටි පිරිස සමග පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සඳහා යොදා තිබූ මාර්ග බාධක බිඳ හෙළීමට මෙහෙයවමින් කටයුතු කර තිබිණි.
එහිදී විරෝධතාකරුවන් පාලනය කිරීමට උත්සාහ දැරූ ආරක්ෂක හමුදා කණ්ඩායම් අතර සිටි යුධ හමුදා සෙබලූන් දෙදෙනෙකුට පහරදී ඔවුන් සතුව තිබූ ටී 56 ගිනි අවි සහ ජීව උණ්ඩ අඩංගු මැගසින් අරගලකරුවන් පැහැරගෙන ගොස් තිබිණි
මීගහවත්ත ප්රදේශයේ පදිංචි බව කියන පැතුම් කර්නර් නැමැත්තාට එරෙහිව අධිකරණයෙන් විදේශ ගමන් තහනමක් ද ලබාගත් බවත් ජේෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් පැවසීය
කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක ඇන්ස්ලම් ද සිල්වා මහතාගේ උපදෙස් මත විමර්ශන සිදු කෙරේ.